බුදු දහම දේවාගමක් කිරීම
තථාගත බුදුන් විසින් පිනෙන් නිවන් ලැබිය හැකි යැයි කිසිම සූත්‍ර දේශනාවකදී දේශනා කර නොතිබිය දී බුදු බණ නොතකා පින මුහුකුරා යාමෙන් නිවන් ලැබිය හැකි යැයි හිතුමනාක්කාර අර්ථ කථනයක් දීමෙන් බෞද්ධයන් සසර මඟ අතරමං කළ බුද්ධඝෝෂ තෙරුන් බුදු බණ දේවාගමක් බවට පත් කළ ආකාරය මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කෙරෙයි.
බුදුන් දෙසු දාන, ශීල, භාවනා යන තුන් පුණ්‍ය ක්‍රියාවන්ට පේනාගම වැනි ආගම්වලින් එකතු කර ගත් පුණ්‍ය ක්‍රියා හතක් එකතු කිරීම පලබර රුකකට පිළිල රෝපණය කිරීමක් බව පවසන මෙම ලේඛකයා එයින් ම බුදුදහම නමැති සරුවට වැඩුන වෘක්ෂය දිරාපත් වී ගිය ආකාරය පෙන්වයි.
බුදුන්ගේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානයෙන් අට ආකාර වූ දෙවියන් ඉක්මවා ගිය ඥාන දර්ශනයෙන් දෙවියන් ගැන කරන ලද ඓතිහාසික අනාවරණය ගැන තම අටුවා කතාවේ දී කිසිවක් ම නොකියා ලිස්සා ගිය බුද්ධඝෝෂ තෙරුන් ඉන්දියාවෙන් ගෙන ආ හින්දු දේව වාදය අනුව පාලි අටුවා කථාවන් විකෘති කරන ලද ආකාරය ද මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කෙරේ.
පාලි පිටක ග්‍රන්ථයන් හි කිසිම සඳහනක් වත් නොදැක්වෙන ප්‍රාග් බෞද්ධ ලාංකේය ගෝත්‍රික සමාජයන්ට හුරු පුරුදු වන්දනා සහ පුද පූජා ක්‍රම සහ ශාන්ති කර්මවලට බුදුන් විසින් තම ජීවිත කාලයේදී අනුමැතිය දුන් බව දැක්වෙන ප්‍රබන්ධ කථා වස්තු මඟින් වංචනිකව ලබා දීමෙන්, බුද්ධඝෝෂ තෙරුන් ලංකා ආගමික ඉතිහාසයේ උසස්ම ගණයේ වංචනිකයා බවට පත්වෙයි.
බුද්ධ ඝෝෂ තෙරුන්ගේ පාලි අටුවා කථා ලිවීමේ සිට අද දක්වා ලංකා බුද්ධාගම වශයෙන් සියලු පාර්ශවයන් විසින්ම හදාරා ඇත්තේ මුල් පිටක ග්‍රන්ථයන්ට සපුරා වෙනස් වූ බුද්ධඝෝෂ තෙරුන් ගේ අටුවාකථා බුද්ධාගම නිසා මෙරට ව්‍යවහාරික බුද්ධාගම මුල් බුදු දහමින් වෙනස් වූ හයිබ්‍රිඩ් ආගමක් වී ඇති බව කිව යුතුය.
දෙමළ බෞද්ධ සුසාන භූමිය සහ සිංහල බෞද්ධයාගේ අනාගතය
සේනානායක
රු. 225.00
පන්සිය පනස් ජාතක කතා පොත පස්වන වෙළුම
සුසර ප්රකාශකයෝ
රු. 792.00
මහා කාශ්යප මහ රහතන් වහන්සේ
ගයාන් චානුක විදානපතිරණ
රු. 1,125.00
තොටගමුවේ ශ්රී රාහුල මාහිමිපාණෝ
සරත් වීරසේකර
රු. 360.00
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.