Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / චක්කරය වැඩ පොත

චක්කරය වැඩ පොත

About this book

ගණිතයෙන් දක්ෂයෙකු වීමට නම් ගුණකිරීමට සහ බෙදීමට ඇති හැකියාව වර්ධනය කරගත යුතුය. ඒ වී සඳහා චක්කරය මතක තබා ගැනීම අනිවාර්ය වේ. එසේම, ගුණකිරීමට සහ බෙදීමට ඇති හැකියාව දරුවා තුල වර්ධනය කිරීමට සීමා නොවී මනසින් වේගයෙන් ගැටලු විසඳීමට ඇති හැකියාව ද චක්කරය මතක තබා ගැනීමෙන් මුවහත් වේ. එමෙන්ම, මතක ශක්තිය, මානසික ඒකාග්‍රතාවය වර්ධනයට ද මෙය උපකාරී වේ. ගණිතයේ භාවිත වන ප්‍රධාන සංකල්ප වන වර්ගඵලය, පරිමාව, අනුපාත, ප්‍රතිශත, වීජ ගණිතය, ජ්‍යාමිතිය යනා දී කොටස් වලින් ද හපනෙකු වීමට දරුවාට මූලික පදනම දැමෙනුයේ ගුණන වගුව මතකයේ තිබීමෙනි.

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් වසර 10 කට ආසන්න කාලයක් (2025 වන විට) දරුවන්ට ගණිත විෂය ඉගැනිවීමෙන් ලද අත්දැකීම අනුව පෙනී ගිය කරුණක් නම්, බොහෝ දරුවන්ට චක්කරය නිසි ආකාරයට පාඩම් නැති බවයි, ඒ නිසා දරුවන්ට පීඩනය ද ඇති නොවන ආකාරයට ආසාවෙන් චක්කරය මතක තබා ගැනීමට හැකි ලෙස ආකර්ෂණීය ක්‍රියාකාරකම් රැසක් ඇතුලත් කරමින් සම්පාදනය කර ඇති මෙම පොත දරුවන් වෙත ඉමහත් ආදරයෙන් තිළිණ කරමි.

ISBN
9786249290907
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: චක්කරය වැඩ පොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.