දහම් දැනුමට දිලෙන් මිණි මුතු
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙණා
උගතමනා ශිල්පයමයි මතු රැකෙණා
මේ වටිනා කියමන සනාතන දහමක් වැනිය. කිනම් කාලයකට වුවද එහි අරුත් යෝග්‍යය ය. එලෙසම දැනුම යනු මිනිසාගේ බුද්ධිය, ආකල්ප දිනෙන් දින වර්ධනය කර යහපත් සමාජයකට රැගෙන යාමකි. දැනුම සපිරි පොත පත නිතර පරිශීලනය කිරීම තුළින් රටක ලෝකයක ප්‍රජාවගේ ආකල්පමය වශයෙන් අද්විතීය වෙනසක් දැකිය හැකිය.
එයිනුත් දහම් අධ්‍යාපනය පිළිබඳව ඉගෙනීම තුළින් සාරධර්ම සපිරි ගුණගරුක සමාජයක් ගොඩනැගෙන්නේය. එය හුදෙක් මානවයාගේ යහපැවැත්ම නගාසිටුවන මහා වෘක්ෂයක් වැනිය.
ඉන්ද්‍රා වීරමන් මැතිනිය අතින් සම්පාදනය කරන ලද "දහම් දැනුමට දිලෙන මිණි මුතු" නැමැති මෙම කෘතිය පරිශීලනය කිරීමෙන් දහම් අධ්‍යාපනය පමණක් නොව අප රටේ සංස්කෘතිය, ඉතිහාසය, වෙහෙර විහාර ඇතුළු සිද්ධස්ථානවල අප්‍රකට වටිනා තොරතුරු ද හෙළ සාහිත්‍ය අඹරට පැයූ සාහිත්‍යධරයන් මෙන්ම ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහ සංස්කෘතිය නඟාසිටුවීමට පෙරමුණගත් විදේශීය වියතුන්ගේ තොරතුරු ද ඇතුළත් කර ඇත. තවද,
සියලුම ලෝකවාසී බෞද්ධයන්ට බෞද්ධ දර්ශනය කියාදුන් තිලෝගුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අද්විතීය ඉපදීම, බුදුවීම, ලෝක ප්‍රජාවට තම දර්ශනය පසක් කර දී අවසාන පිරිනිවීම සිදුවූ ඒ සුවිශේෂී තොරතුරු මෙය පරිශීලනය කරන්නන්ගේ පහන් සංවේගය ඇතිවන අයුරින් ඉතාමත් සරලව සම්පිණ්ඩනය කර, කෘතියේ මුල් පරිච්ඡේද තුළ අන්තර්ගත කිරීම තුළින් එහි අගය මිණි මුතු සේ වැඩිවූ බව සඳහන් කළ යුතුය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.