Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දඹදිව පුණ්‍යභූමි වන්දනා

දඹදිව පුණ්‍යභූමි වන්දනා

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාල පීඨයෙන් ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨයෙන් විශිෂ්ට සාමාර්ථ්‍යයක් ලබා 1947 දී දෙහිඕවිට බෞද්ධ මිශ්‍ර පාසලෙන් ඉංග්‍රීසි ගුරු සේවයට පිවිසි සෝමරත්න වීරකෝන් මහතා මහරගම ගුරු විදුහලෙන් ද්විතියික ඉංග්‍රීසි ගුරු පුහුණුව ලබා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව හදාරා විදුරුවනේ සහ රජයේ පාසල් ගණනාවක සේවය කර හොරණ අශෝක ඉංග්‍රීසි විද්‍යාලයේ විදුහල්පති තනතුරෙන් විශ්‍රාම ලැබීය.

අමාත්‍ය මහජන සම්බන්ධතා නිලධාරියකු වශයෙනුදු අමාත්‍ය පෞද්ගලික ලේකම්වරයෙකු වශයෙන් ද කලක් කටයුතු කළ හෙතෙම වර්තමානෙහි සමාජ සේවා සංවිධාන ගණනාවක නිලතල හොබවමින් සුවිශේෂී සමාජ මෙහෙවරක නිරතව සිටියි.

අපේ ළමා කතා සහ යොවුන් නව කතා ඉංග්‍රීසි පාඨකයන්ට හඳුන්වාදීමට වැඩි නැඹුරුවක් දක්වන ඔහු සෝමවීර සේනානායක ලියූ "ගඟ අද්දර කැලේ", ගුණසේකර ගුණසෝම ලියූ "වනගත වීරයෝ" සහ "යාපනයේ සිට කතරගමට" ඉන්දික සංජීව විතාන ලියූ "කෝසලට තෑග්ගක්" සහ "බින්දු" යන කෘතීන් මේ වන විට ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඇත.

කිහිප වරක්ම දඹදිව චාරිකා කොට ලත් අත්දැකීම් මෙන්ම පොත පත, පුවත්පත්, අන්තර්ජාලය ඇසුරින් ලද තොරතුරු උපයෝගී කොටගෙන සම්පාදිත "දඹදිව පුණ්‍යභූමි වන්දනා" අත්පොත දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුනට, පාසල් සිසුන්ට, දහම් පාසල් සිසුන්ට මෙන්ම දැනුම ගවේෂණයේ යෙදෙන්නට මහඟු අත්වැලකි.

ISBN
9789550167289
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දඹදිව පුණ්‍යභූමි වන්දනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.