Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දෙමළ භාෂා ගුරු අත්පොත (කාණ්ඩය 2)

දෙමළ භාෂා ගුරු අත්පොත (කාණ්ඩය 2)

About this book

දෙමළ භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම බුද්ධිමත් සිංහල ජනයාට දැන් හොඳින් ම වැටහී තිබේ. ඒ ඉල්ලුම සපුරාලනු වස් දෙමළ ටියුෂන් පන්ති බිහි වෙමින් තිබෙන අතර දෙමළ උගන්වන සිංහල පොත් ද බිහි වෙමින් පවතී. රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති වජිර ප්‍රභාත් විජයසිංහයන් ගේ දෙමළ භාෂා ගුරු අත්පොත පළවනුයේ එබඳු පසුබිමක ය. විජයසිංහ මහතා මීට ඉහත ද දෙමළ ඉගැන්වීම සඳහා කුඩා පොත් 16 ක් පමණ ලියා තිබේ. මේ වනාහි ඒ පොත් පෙළෙහි සම්පිණ්ඩනයක් නොව ප්‍රසාරණයකි; දිගුවකි; සවිස්තරාත්මක ප්‍රකාශනයකි. දෙමළ ඉගෙන ගන්නට වැර වඩන දුහුනන් දැනුම් සඳහා මේ සා විශාල ග්‍රන්ථයක් සම්පාදනය වනුයේ ප්‍රථම වතාවට ය. එහි කාණ්ඩ 03 කි; අදියර 50 කි; මුද්‍රිත පිටු 1051 කි. මෙබඳු කෘතියක් සම්පාදනය කරන්ට විජයසිංහ මහතා කෙතරම් නම් කාලයක්, කෙතරම් නම් ශ්‍රමයක් කැප කරන්තට ඇත්ද යනු අපට සිතා ගත හැකි ය. 18 අවුරුද්දක අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයෙහි දෙමළ දෙවන බස ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම පමණක් වුව කෙතරම් දුෂ්කර කාර්යයක්ද?

වජිර ප්‍රභාත් විජයසිංහයන් ගේ ඉගැන්වීම සරල ය; නිරවද්‍ය ය; විධිමත් ය; රසවත් ය. සිංහල ජනයා වෙනුවෙන් මේ තාක් පළවී ඇති දෙමළ වියරණ ග්‍රන්ථ අතුරින් විශිෂ්ටතම කෘතිය වනාහි 'දෙමළ භාෂා ගුරු අත් පොත' බව මා පවසන්නේ අතිශෝක්තියෙන් නොවේ.

- ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ, අගලවත්ත භාෂා පුහුණු කිරීම් අභ්‍යාස ආයතනයේ දෙවන බසක් ලෙසට දෙමළ භාෂාව ඉගැන්වීමේ රීතීන්ට අනුගතව පිළියෙල කොට ඇත.

ISBN
9789554126503
පිටු ගණන (Pages)
597
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙමළ භාෂා ගුරු අත්පොත (කාණ්ඩය 2)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.