දේවතා නමස්කාරය
'දේවතා නමස්කාරය' නම් ග්‍රන්ථය තුළින් දෙවි බඹුන් පිළිබඳව සමාජයේ ඇති මිථ්‍යා මත බිඳහෙලා බුද්ධ දේශනා ඇසුරෙන් නොපෙනෙන ලෝකය පිළිබඳව ද බුදු සසුන හා බැඳුණු දෙවි බඹුන් පිළිබඳව ද නිවැරදි කරුණු රැසක් ඉතා අලංකාරවත් ලෙස සමාජගත කොට ඇත.
බුද්ධ දේශනා අධ්‍යයනය කොට, ත්‍රිපිටකධාරී මහා සංඝ රත්නයේ ආශීර්වාද මත මෙම ග්‍රන්ථය සම්පාදනය කොට සමාජයට දායාද කොට ඇති පණිවිඩය නොපෙනෙන ලොව පිළිබඳ අඳුරේ අතපත ගාමින් මිථ්‍යා මතවාදවල පැටලෙන මිනිසුන් හට ආලෝකයක් ලබා දෙන්නාක් බඳු ය. නොපෙනෙන ලෝකය පිළිබඳ තම තම නුවණින් සෙවීමට ගොස් මං මුළාවූවන් හට බුද්ධ දේශනා ඇසුරෙන් පාර කියා දීමක් ය.
- පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි
කර්තෘවරයා ඉතා මහන්සින් ධර්මය කියවා අධ්‍යයනය කර මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
මෙය කියවන සැදැහැතියන්ට දහම් දැනුම වර්ධනය වේ. එසේ ම, ශ්‍රද්ධාව ජනිත වේ. ධර්මය තුළ හැසිරීමට කැමැත්ත හෙවත් ඡන්දය ද, ධර්මයේ යෙදීමට දැඩි අධිෂ්ඨානය හෙවත් චිත්තය ද, ධර්මය තුළ හැසිරීමට උත්සාහය හෙවත් වීර්යය ද, ධර්මයේ යෙදීමට අවැසි ප්‍රඥාව හෙවත් විමංසාව ද මෙම ග්‍රන්ථය තුළින් ලැබේ.
මෙය කියවන සැදැහැති සත්පුරුෂයන් තුළත් ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන ගුණ ධර්මයන් වැඩේවායි ද, තව තවත් ශාසනයට හැසිරු වීමට සිත් පහළ වේවායි ද හෘදයංගමව ප්‍රාර්ථනා කරමි.
- පූජ්‍ය දොලොස්වල උද්දිකදීර හිමි
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.