Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / උසස් පෙළ / ධාරා විද්‍යුතය - I කොටස
About this book
ධාරා විදයුතය යනු අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයෙහි අන්තර්ගත ප්‍රධාන විෂය ඒකකයකි. බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂය දුෂ්කර  යැයි සැලකීමට එක හේතුවක් වන්නේ ද මේ ධාරාවිද්‍යුතය ඒකකයයි.  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු හා හොරණ ශ්‍රීපාලි මහා විද ්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්යවරයෙකු වන විජය මුණසිංහ තම ධාරා විද්‍යුතය කෘතියෙන් ඒ අසීරු යැයි සැලකෙන විෂය ඒකකය වඩාත් පහසුවෙන් හා ඵලදායක ලෙස ග්‍රහණය කරගත හැකි ආකාරයේ ප්‍රෙව්ශයක් සිසුනට සපයයි.කෘතිය පරිච්ඡේද 25කින් විෂය නිර්දේශයේ අදාළ සියලු කොටස් ආවරණය කරයි. එමෙන්ම ඒ ඒ කොටසේ අන්තර්ගත ආදර්ශ අභ්‍යාස හා පිළිතුරු ද සිසුනට තම අධ්‍යයන ක්‍රියාවලය වඩාත් පහසු කරවයි.  කෘතිය අවසානයෙහි සමස්ත ඒකකය ආශ්‍රෙයන් විසඳුම් සහිත ගැටළු මෙන්ම ආදර්ශ අභ්‍යාස ද සපයා තිබීම සිසුනට මේ විෂය කොටස අධ්‍යයනයකිරීමෙහිලා මහත් පිටුවහලක් වී ඇත. කෘතියෙහි අගය  තවත් ඉහළ නැංවීමට හේතුවක් වන්නේ එය සරල හා ආකර්ෂණීය බසකින් රචනා වී තිබීමයි. අ.පො.ස උසස් පෙළ විභාගය බෙහෙවින්ම තරඟකාරී ස්වභාවයක් ගන්නා ාම් අවදියේදී සිසුනට තම විභාග ජයග්‍රහණ කරා යන්නට මේ කෘතිය මහත් පිටුවහලක් වනු ඇත.  සුනන්ද කරුණාරත්න  ප්‍රධාන කර්තෘ  විදුසර විද්‍යා පුවත්පත
ISBN
9786246202026
පිටු ගණන (Pages)
180
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ධාරා විද්‍යුතය - I කොටස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.