Forget me බිම්බා
"බිම්බා..."
ගගනිගේ කටහඬින් මම හැරී බැලුවෙමි. ඇයගේ මුහුණේ ඇති පිරිසිදු සිනහව රාමුකර සදා කාලයටම මගේ ළඟ තබා ගන්නට මට සිතේ. එය මගේ මුළු ආත්මයම කලඹා දමන්නේ දෙවරක් තබා, එකවරක්වත් නොසිතාය.
".. කාව තෝර ගන්නවද කියලද බැලුවේ..."
මගේ ඇස් තිබුණේ මනාලියන් අතර බැවින් ඇය ඇසුවාය.
"..හ්ම්ම්ම්.."
".. බිම්බට මං තෝරලා දෙන්නද?"
".. මං කැමති කෙනා මෙතන නෑ.."
ගගනි කෙලින්ම මදෙස බැලුවාය. ඒ දෑසේ වූයේ තරවටු පෙනුමක් වැනි බැල්මකි. යමක් තෝරා බේරා ගැනීමට අපහසු වූ කල, ඇගේ දෑසට එවැනි බැල්මක් එනු මම මීට පෙර දැක ඇත්තෙමි. මට දැන් ගගනිගේ බොහෝ දේවල් කියවා පහදා ගන්නට පුළුවන.
"..මෙච්චර ලස්සන ගර්ල්ස්ලා ගොඩක් අතරෙ ඔයා කැමති කෙනා නෑ..?"
"..මේ මනාලියො අතරෙ නෑ..."
ගගනි දෙස හොරැහින් බලමින් මම කීවෙමි. ඒ මුහුණ කොතරම් සිරියාවන්තද ? මට ඇය ගැන දැඩි ලෝභකමක් ඇතිවෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.