ජීවිතයේ විශාල සුළියකට තමාත් තම සැමියාත් මුහුණ දුන් වග අමා සිහිපත් කළේ වේදනාවෙනි. එහෙත් දැන් ඒ වේදනාව ඉවත්වී එහාටත් මෙහාටත් නැති උපේක්ෂා සහගත හැඟීමක් ඇගේ සිතෙහි සක්මන් කරයි. ජීවිතයෙහි ප්‍රීතියක් කියා දෙයක් ඇත්තේ ද නැත. දුකක් කියා දෙයක් ඇත්තේද නැත. ඒ අතර මැද තත්වය අවබෝධ කරගෙන ජීවත්වුවහොත් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි බව දැන් ඇය දනී.
“ඒ දරුවගෙ පාප කර්ම අහවරයි නෝනා.. දිගටම පිංකම් කරන්න.. ඒ ගැන නොහිතා.. පරණ දේවල් අමතක කරලා.. ලැබෙන්න ඉන්න දරුවා පිළිගන්න.. ගිය දේ ගියා නෝනා.. ඒ වගේම එන දේ කකුල් දෙක ළඟට එනවා..”
ගගනත් සමඟ යළිත් ගමට ගොස් ගුරුන්නාන්සේ මුණ ගැසුණු පසු ඔහු කීවේ ඒ ටිකය. නමුත් ඔහු නොකියූ යමක් තිබෙන වග අමාට වැටහිණී. ඔහු යමක් තමාගෙන් සැඟවූ බවද අමා වටහා ගත්තාය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.