ගිගිරි වළලු පය නොලා

Special Price රු. 344.00 Regular Price රු. 430.00
In stock
SKU
gigiri-walalu-paya-nola-sarath-wijesooriya

බිඳපු පිගාන අලවන්න බෑ

“මං අහන ප්‍රශ්නට ඇයි උත්තරයක් දෙන් නැත්තෙ?” “මගේ උත්තරේ ඔයා දන්නවනෙ.

“මං කියන දේ තේරුංගන්න, ගෑනු ළමයෙක් මට තනියම හදා ගන්න බෑ.” “ඔයාගේ අම්ම ඉන්නෙ.”

ඔහු අතේ තිබුණ පොත පැත්තකින් තැබීය. ඉස්තෝප්පුවේ සිට ගෙතුළට ගියේය.

මිදුලට පැමිණි කුලී රියේ නළා හඬට ඔහු පැමිණියේය.

“ ඔයා අද ඉන්නව ද?”

" දුව ආවම මං යනවා”

" දුව පන්තියෙන් අරන්, අක්කලගෙ ගෙදර එක්ක යන්න මං පොරොන්දු වුණා"

ඇය පුටුවෙන් නැගිට්ටේ ඔහු දෙස නොබලමිනි.

“මට බස්සගෙන යන්න පුළුවං”

ඇය ඔහු දෙස බලා හුස්මක් ඉහළට ගත්තාය. “ඔයා කියන්නෙ සේරටම වැරදිකාරයා මං ද?” “නෑ, මංනෙ.”

“රණ්ඩු නොවී ඉන්නම බෑ නේද?” “දුවේ....”

“පද හැදුවට මං වේසකං කළේ නෑ." 

ඇය මිදුලට බැස්සාය.

Author සරත් විජේසූරිය - Sarath Wijesooriya (68)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (503)
More Information
ISBN 9786245664795
පිටු ගණන 96
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගිගිරි වළලු පය නොලා
Back to Top