Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිනිසිළුව

ගිනිසිළුව

About this book

සෙනාර සුලෝචනාට ගත් තෑග්ග පිරිනැමුවේ ඉනුත් දින දෙකකට පසුය...
"මොකක්ද දිසානායක...?"
"නොගෙන ඉන්න එපා මිස් මගෙන් තෑග්ගක්... පොඩි..."
"මේකට ඔයාට සල්ලි යන්න ඇතිනේ...?"
"ගියා... කඩේ මගේ බාප්පගේ නෙවෙයි..." සුලෝචනාට සිනහවක් නැගිණ... "ඒත් නොගෙන ඉන්න එපා මිස්... මිස් ගැන හිතලම නේ ගත්තේ... මට දුක හිතෙයි..."
"හරි හරි... මොනවා හරි කමක් නෑ... මං ගන්නං... තැන්ක්ස්..."
"මොනවා හරි නං බාප්පගෙ කඩේ තියෙන්න ඇති... ඒත් ඒවා මිස්ට හරියන එකක් නැහැ කියලා මට හිතුණා..."
"බාප්පට කඩයක් තියෙනවද...?"
"නැහැ මිස්..."
"එහෙනං...?"
"මට බාප්පා කෙනෙක් නැහැ මිස්..."

"ඒත් ඔයා කියන දේ මං පිළිගන්නේ නෑ... මගේ ජීවිතේ විනාස නොකරපු මිනිහෙක් ඔයාගේ ජීවිතේ විනාස කරා කියලා පිළිගන්නන්න ඔයාට බෑ... එහෙම කරන්නේ ආදරේ නිසා කියලා ඔයා කියනවනං... ඔයා සෙනාරට ආදරේ නෑ... ඒ මොකද මං සෙනාරට ආදරේ කරලා... එයාගේ අතින් ජීවිතේ විනාස උනා නං... මං ඒක කවදාවත් කියන්න යන්නේ නෑ... කෙල්ලෙක් එක සැරයක් විනාස කරපු මිනිහෙකුට තවත් සැරයක් ඒ විදියෙ වෙලාවක් ලැබුණම ඒක නොකර ඉන්නෙ නෑ සුමුදු... ඔයයි මමයි දෙන්නම ඒක හොඳටම දන්නවා... අනික් මිනිස්සුන්ට වරද පටවන්න එපා... කෙල්ලෙක් උනාම තමන් ආරක්ෂා වෙන්න දැන ගන්න ඕන... තමන්මයි..."

ISBN
9789550781294
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිනිසිළුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.