ගුරු පාරෙන් බෝ මළුවට
ඇමැති මණ්ඩලයක ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී වශයෙන් විෂය භාර ඇමැතිවරුන් සිටින්නා සේ පත්තර කන්තෝරුවල ද ඒ විෂයටම විෂය භාර පත්‍ර කලාවේදීහු සිටිති. ආණ්ඩුවට බුද්ධශාසන ඇමැතිවරයෙකු සිටින්නා සේ පත්තර කන්තෝරුවලට ද බුද්ධශාසනය භාර පත්‍ර කලාවේදියකු හිඳියි. වසර 2000 දී 'ලක්බිම' (දිනපතා) පුවත්පත පළවෙන්නට පටන්ගත් දා පටන් එහි බුද්ධශාසනය භාර ඇමැතිවරයා (පත්‍ර කලාවේදියා) දැන් එහි ප්‍රධාන උප කර්තෘ ද වන ධර්ම ශ්‍රී තිලකවර්ධන ය. බුද්ධශාසනය සම්බන්ධ කාරණා කටයුතුවල දී ධර්ම ශ්‍රී 'ලක්බිම' ට සපයන මූලිකත්වය කෙබඳුදැයි කියතොත් ඔහු 'ලක්බිමේ' සගයන් අතර සැලකෙන්නේ එහි 'ගිහි' මහානායක හැටියට ය.
ඉදින්, ලක්බිම ඉරිදා සංග්‍රහය 'පැවිදි මිණි පහන්' මැයින් ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලාගේ දිවි බිඳක් හෙළිකරන ලිපි පෙළක් පටන් ගන්විට එය ලියන්නට පැවරුණේ කාටදැයි අමුතුවෙන් සිතමනා නොවේ. භික්ෂූන් වහන්සේලා සම්බන්ධ මෙබඳු ලිපි පත්තරවල එදා මෙදා කොතෙකුත් ලියැව ඇතත් ධර්ම ශ්‍රී ට උන්වහන්සේලා සමග ඇති අත්‍යන්ත සම්බන්ධය ද, විෂයය පිළිබඳ ඔහුට ඇති පුළුල් අවබෝධය ද නිසාම 'ලක්බිමේ' ලිපිපෙළේ ඊටම අනන්‍ය රසාත්මක භාවයක් ද ඇත්තේය. අවසානයේ එය පත්තර ලිපියකින් ඔබ්බට යන්නේද ඒ නිසාය. පුවත්පතේ පළවෙද්දී මේ ලිපි පෙළ ජනප්‍රිය වූ පරිද්දෙන්ම එය පොතක් හැටියට එළි දුටු කල ද පාඨක ලෙන්ගතු දිනාගනු ඇතැයි මම විශ්වාස කරමි.
සුන්දර නිහතමානී ද මෙල්
'ලක්බිම' කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.