හීන නොදකින ජීවිත

Special Price රු. 544.00 Regular Price රු. 680.00
In stock
SKU
heena-nodakina-jeewitha-sarath-wijesooriya-wijesooriya

වත්මනේ හැම මනුෂ්‍ය ජීවිතයක් ම කාලාන්තරයක් තිස්සේ ජරාජීර්ණ ආණ්ඩුකරණයන් තුළ වෙහෙසට පත්ව තිබේ. කිසිම සමාජ සංස්ථාවක් නිරුපද්‍රිතව නැත. බලය වෙනුවෙන් මනුෂ්‍ය ජීවිතයක පැවැත්ම තීන්දු කරන අන්දම සාහසික ය. අපරාධයකට නීතිය ක්‍රියාත්මක වීමක් හෝ 'යුක්තිය' ඉටු වීමක් විද්‍යාමාන නොවේ. අනෙත් පැත්තෙන් මනුෂ්‍ය සම්බන්ධතා බිඳ වැටෙන 'යුරු ශෝචනීය තත්වයක ය. මෙබඳු පසුබිමක නිර්මාණකරුවෙකුට හැම අවකාශයකදී ම අත්විඳින්නට ලැබෙන්නෙ විවිධාකාර සමාජ දේශපාලන - සංස්කෘතික හේතු සාධක මත විපරීත යථාර්ථයන්ය.

මේ කෙටි කතා සංග්‍රහයේ සියලුම කතා සමාජ - දේශපාලන - සංස්කෘතික ක්ෂේත්‍රයන් විෂයෙහි අනුවේදනීය වූ සසලවීම් හා සහකම්පනය පාදක කර ගැණුන ඒවා වේ. හැම කතාවක්ම පාඨකයා සමඟ තාර්කික පදනමක ස්වයං සංවාදයන් ගොඩ නැඟීමට අදාළ 'කල්පනා' උද්දීපනය කරන සුළු ය.

ජීවිතය, සමාජ බලවේග විසින් ද - සමාජය, විවිධාකාර දෘෂ්ටිවාද විසින් ද - 'හසුරුවන අන්දම' අනුවේදනීය වියමන් ඔස්සේ ඉදිරිපත් කරන මේ කෙටි කතා - පාඨකයාගේ ජීවිතාවබෝධය පුළුල් කරන අභිප්‍රායෙන් රචිත ය.

Author සරත් විජේසූරිය - Sarath Wijesooriya (67)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 9786245664375
පිටු ගණන 248
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හීන නොදකින ජීවිත
Back to Top