Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / හීන නොදකින ජීවිත

හීන නොදකින ජීවිත

About this book

වත්මනේ හැම මනුෂ්‍ය ජීවිතයක් ම කාලාන්තරයක් තිස්සේ ජරාජීර්ණ ආණ්ඩුකරණයන් තුළ වෙහෙසට පත්ව තිබේ. කිසිම සමාජ සංස්ථාවක් නිරුපද්‍රිතව නැත. බලය වෙනුවෙන් මනුෂ්‍ය ජීවිතයක පැවැත්ම තීන්දු කරන අන්දම සාහසික ය. අපරාධයකට නීතිය ක්‍රියාත්මක වීමක් හෝ 'යුක්තිය' ඉටු වීමක් විද්‍යාමාන නොවේ. අනෙත් පැත්තෙන් මනුෂ්‍ය සම්බන්ධතා බිඳ වැටෙන 'යුරු ශෝචනීය තත්වයක ය. මෙබඳු පසුබිමක නිර්මාණකරුවෙකුට හැම අවකාශයකදී ම අත්විඳින්නට ලැබෙන්නෙ විවිධාකාර සමාජ දේශපාලන - සංස්කෘතික හේතු සාධක මත විපරීත යථාර්ථයන්ය.

මේ කෙටි කතා සංග්‍රහයේ සියලුම කතා සමාජ - දේශපාලන - සංස්කෘතික ක්ෂේත්‍රයන් විෂයෙහි අනුවේදනීය වූ සසලවීම් හා සහකම්පනය පාදක කර ගැණුන ඒවා වේ. හැම කතාවක්ම පාඨකයා සමඟ තාර්කික පදනමක ස්වයං සංවාදයන් ගොඩ නැඟීමට අදාළ 'කල්පනා' උද්දීපනය කරන සුළු ය.

ජීවිතය, සමාජ බලවේග විසින් ද - සමාජය, විවිධාකාර දෘෂ්ටිවාද විසින් ද - 'හසුරුවන අන්දම' අනුවේදනීය වියමන් ඔස්සේ ඉදිරිපත් කරන මේ කෙටි කතා - පාඨකයාගේ ජීවිතාවබෝධය පුළුල් කරන අභිප්‍රායෙන් රචිත ය.

ISBN
9786245664375
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හීන නොදකින ජීවිත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.