ඉරු කවිවර
එක්වරම බර සුසුමක් ළයෙන් නිදහස් වෙද්දී ඒ හා සමානවම තෙහාන්ගේ හදවත මහ වේගයකින් ස්පන්දනය කළ අනිත් බලවේගය බවට පත්වී තිබුණේ ඒ කෙට්ටු කැහැටු කෙල්ලයි. මුහුණෙන් එකක් වෙන්න දහදිය පෙරාගෙන දෑස් වලින් බේරෙන කඳුළු නොනවත්වාම සිය ටීෂර්ට් උරහිස්සෙන් පිසිමින් ඇය බයෙන් වෙවුලමින් බලාගෙන සිටිය අයුරු තෙහාන්ට සිහිනොවුණු වෙලාවක් නැති තරම් වුණා. ළහිරු මෙතරම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් බව තෙහාන්ට තවමත් අදහා ගන්න අපහසුයි. ඒ කෙට්ටු අත් දෙකේ ජවය කොල්ලන් පරාද කරමින් පිටිය සිසාරා හයේ හතරේ පහරවල් මවපු විදිය තෙහාන් දුටුවේ සිය දෑසින්ම නොවේද? ඉතින් දැන් කවමදාවත් ඒ කෙට්ටු මුහුණ තෙහාන්ට අමතක නොවෙන බව තෙහාන්ට විශ්වාසයි. ඒ දෑත් මැවූ හයේ හතරේ පහරවල් අමතක නොවෙන බවත් විශ්වාසයි..ළහිරු..උඹ මට මේ මොකද්ද කළේ බන්?
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.