My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
එක්වරම බර සුසුමක් ළයෙන් නිදහස් වෙද්දී ඒ හා සමානවම තෙහාන්ගේ හදවත මහ වේගයකින් ස්පන්දනය කළ අනිත් බලවේගය බවට පත්වී තිබුණේ ඒ කෙට්ටු කැහැටු කෙල්ලයි. මුහුණෙන් එකක් වෙන්න දහදිය පෙරාගෙන දෑස් වලින් බේරෙන කඳුළු නොනවත්වාම සිය ටීෂර්ට් උරහිස්සෙන් පිසිමින් ඇය බයෙන් වෙවුලමින් බලාගෙන සිටිය අයුරු තෙහාන්ට සිහිනොවුණු වෙලාවක් නැති තරම් වුණා. ළහිරු මෙතරම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් බව තෙහාන්ට තවමත් අදහා ගන්න අපහසුයි. ඒ කෙට්ටු අත් දෙකේ ජවය කොල්ලන් පරාද කරමින් පිටිය සිසාරා හයේ හතරේ පහරවල් මවපු විදිය තෙහාන් දුටුවේ සිය දෑසින්ම නොවේද? ඉතින් දැන් කවමදාවත් ඒ කෙට්ටු මුහුණ තෙහාන්ට අමතක නොවෙන බව තෙහාන්ට විශ්වාසයි. ඒ දෑත් මැවූ හයේ හතරේ පහරවල් අමතක නොවෙන බවත් විශ්වාසයි..ළහිරු..උඹ මට මේ මොකද්ද කළේ බන්?
Author | ඉමේෂා මාධවී මල්ලවආරච්චි - Imesha Madhavi Mallawaarachchi (27) |
---|---|
Publisher | සඳමාධවී ප්‍රකාශකයෝ - Sandamadhavee Publishers (45) |
ISBN | 9786245584314 |
---|---|
පිටු ගණන | 456 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |