අලුත් ඉරක්
''මගේ ජූනියර් කන්න වගේ අපි දිහා බලන් ඉන්නවා. මූ ගිහින් අනිවාර්යයෙන් මේ සිද්ධිය රස කර කර මගේ අනිත් ජූනියර්ස්ලා සෙට් එකට කියනවා.
"මොනාද බලන් ඉන්නේ? දැන් තමුසෙගේ වැඩේ ඉවරයිනේ..! යනවා චේම්බර්ඩ්ස්වලට”
ඌව එළවගත්තට මෙතන වට පිටේ මාව අදුනත තව මිනිස්සු ඉන්නවනේ.
ඒ පාර බලනකොට ෆොටෝ කොපි කඩ පේළියේ මේසයක් දාගෙන ගොඩ පෙරකදෝරු වැඩක් එහෙම කරන් ඉන්න මෙන්ඩිස් ලොක්කා ප්ලේන් ටී එකක් ගහන ගමන් අපි දිහා බලන් ඉන්නවා. මෙන්ඩිස් ලොක්කාගේ කට කොනක කින්ඩි හිනාවකුත් තියෙනවා.
"මෙතන මිනිස්සු හිනස්සන්නේ නැතුව නගින්න වාහනේට..!”මම සුනාලිට ඔරවලා අනික් පැත්තෙන් ගිහින් එයාගේ වාහනේ ඉස්සරහ සීට් එකට නැග්ගා.
පිස්සු දොස්තරට තිබ්බේ රතු පාට පොඩි මිනි කූපර් ඩිංකියක්. මේ වාහනේ හොඳයි පිස්සු දොස්තරටම..! මේ සෙල්ලම් කාර් එකක් වගේ එකට නැග්ගම මගේ ඔළුවත් වහලේ වැදෙනවා. කකුල් දිග ඇරගන්න බැරි නිසා දණිස් දෙක මගේ නිකටේ වදින සයිස්. මොකට ගන්න වාහනද මන්දා මේවා..!
- මහසෙන් බණ්ඩාර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.