සියවසකට පෙර ලංකාවේ සංචාරයක්
About this book
19 වැනි සියවසේ ලංකාව බ්‍රිතාන්‍ය වැසියන් අතර ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ අතර, ක්ලෙයා රෙටී 1920 දශකයේ අගභාගයේ ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ලේඛිකාවකි. මෙරට සංස්කෘතිය සහ ස්වාභාවික සුන්දරත්වය අත්විඳීමට ආශාවෙන් පැමිණි ඇය දිවයිනේ සෑම ඉසව්වකම දීර්ඝ සංචාරවල නිරත වූ අතර සියුම් නිරීක්ෂණ ශක්තියකින් යුතුව ලාංකීය සමාජ ව්‍යුහය, සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් දෙස ආදරයෙන් සහ ගෞරවයෙන් බැලූ ලේඛිකාවකි. ඇගේ විචිත්‍රවත් ගද්‍ය ලේඛන විලාසය 20 වැනි සියවසේ මුල් භාගයේ ලංකාවේ සමාජයීය හා සංස්කෘතික පසුබිම වර්තමාන පාඨකයාට ස්මරණය කළ හැකිය. ඇය තම කෘතියේ පෞද්ගලික අත්දැකීම් මෙන්ම ලංකාවේ තානායම්වල ගතකළ සමයේ අත්විඳි රසවත් මෙන්ම දුෂ්කර අත්දැකීම් ද සටහන් කර ඇත. පරිච්ඡේද 14කින් සමන්විත මෙම කෘතියෙන් කොළඹ, ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර, ත්‍රිකුණාමලය, යාපනය, ශ්‍රී පාදස්ථානය ඌව පළාත සහ පැරණි නටබුන් නගර මෙන්ම තේ වතු ආශ්‍රිත ජීවිතය පිළිබඳව ද එකල ලංකාවේ පැවති ස්වාභාවික පරිසරය, ඝන වනාන්තර, මීදුමෙන් වැසුණු කඳුකරය සහ වෙරළබඩ නගර සහ ග්‍රාමීය ජීවිතය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අනාවරණ කෙරේ.
ඇය මෙම කෘතිය රචනා කර ඇත්තේ එකල බ්‍රිතාන්‍යයේ සුප්‍රකට " Things Seen" නමැති සංචාරක කෘති මාලාව සඳහා ය. මෙම කෘතිය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1929 වසරේ ලන්ඩනයේ Seeley, Service Co. ආයතනය මගිනි. ඒ අනුව ඇය එකල ප්‍රකාශන ආයතනයක් සඳහා නිල වශයෙන් සංචාරක සටහන් සැපයූ දක්ෂ ලේඛිකාවක වූ බැව් පෙනේ. ඇය ගැන වැඩිදුර තොරතුරු මෙම කෘතියේ හෝ අන්තර්ජාලයේ හෝ නොමැත.
Details
ISBN
9786244958208
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review