කාලෙන් කාලෙට
ගොමගොඩ, ඵලමල්පොත මහා විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ගුණරත්න ඒකනායක තෙල්දෙණිය මධ්‍යම මහා විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලද ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නේවාසික කලමණාකරුවකු වශයෙන්ද, වාරි මාර්ග හා විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශකයෙකු වශයෙන්ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන් ද ඔහු කටයුතු කර ඇත.
විවිධ මාතෘකාවන් ඔස්සේ සිය ලේඛන දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකතා තරගයේ ප්‍රථම ස්ථානය දිනූ "තෑගි ගොඩයි" කෘතියේ කතුවරයාය. 2003 ඩී.ආර් විජයවර්ධන නව කතා තරගයේ තුන්වන ස්ථානය දිනූ "යාපනය තවමත් ඈතයි" නවකතාවද, 2005 සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල නව කතා තරගයෙන් තෝරාගත් "අලුත් වලව්ව" නව කතාවද, 2007 එම තරගයෙන් ජයගත් "අපේම මිනිස්සු" නව කතාවද ඔහුගේය. 2008 ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා "අපේම මිනිස්සු" නිර්දේශ වූ අතර 2012 දී ඔහු විසින් ලියන ලද "සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි" එම තරගයේ නිර්දේශිත කෘතියක් වශයෙන් තෝරා ගන්නා ලදී.
වේදිකා නාට්‍ය කිහිපයක්ද නිපදවා ඇති ඔහු වාර්තා චිත්‍රපටි මෙන්ම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය කිහිපයක්ද නිපදවා කලා ලෝකයේ විවිධ ඉසව් ඔස්සේ සිය දක්ෂතාවයන් පෙන්නුම් කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.