කල්‍යාණි වංශය
අතීතයේ සිටම ලක්වාසී බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට ලක්වුණු ඓතිහාසික පුණ්‍ය භූමියක් වූ කැලණිය රජ්මහා විහාරය පිළිබඳව කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ව්‍යවහාරික පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි අපේක්ෂකයකු වන හේමක මවි විජයතිලක විද්‍යාර්ථීයා විසින් සම්පාදනය කරන ලද ̈කල්‍යාණිවංශය ඓතිහාසික කැලණි රාජ්‍යය හා විහාරය පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක්” නම් වූ මෙම අගනා වටිනා ග්‍රන්ථය ලංකා ආගමික ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන කැලණි පුරවරය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රැසක් හුදී ජන පහන් සංවේගය උදෙසා තිළිණ කරන්නක් බව කිව යුතුය.
විශේෂයෙන් කතුවරයා මෙම කෘතිය රචනා කිරීමේදී අනුගමනය කර ඇති විද්‍යාත්මක හා විමර්ශනාත්මක ප්‍රවේශය අගය කළ යුතුය. ඒ මන්ද කියතොත් ඔහු විසින් කැලණි රාජ්‍යයේ අභිවෘද්ධිය, පරිහානිය සහ කැලණි රජ්මහා විහාරය බෞද්ධ සංස්කෘතියට දායාද කළ දායකත්වය පුළුල් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ඇසුරින් විශ්ලේෂණයට භාජන කර තිබීම සුවිශේෂය.
තවද, බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ බවට වූ විශ්වාස කෙරෙන මෙම භූමියේ ඉතිහාසය, යඨාල තිස්ස, කැලණිතිස්ස,විහාරමහාදේවී වැනි ඓතිහාසික චරිත හා බැඳී ඇති ආකාරය දැක්වීමෙන් නොනැවතී පසුකාලීන ප්‍රතිසංස්කරණ දක්වා දිවෙන කතාව මැනවින් ඉදිරිපත් කිරීමට දරා ඇති උත්සාහය කෘතියේ ශාස්ත්‍රීය වටිනාකම හා ගුණාත්මකභාවය තව දුරටත් තහවුරු කරයි.
මේ අනුව නව පරපුරේ පර්යේෂකයකු ලෙස, කතුවරයා ඉමහත් කැපවීමකින් යුතුව වැදගත් ඓතිහාසික පුරාවිද්‍යා පරිශ්‍රයක් පසුබිම් කොට ගෙන කළ මෙම ශාස්ත්‍රීය අධ්‍යයනය අනාගත පරම්පරාවට අපගේ උරුමය පිළිබඳව ඉගෙනීමට අගනා අවස්ථාවක් සපයන්නා සේම අනාගත පර්යේෂණයන්හී යෙදෙන්නන්ට මෙන්ම සෑම තරාතිරමකම පාඨකයනට ත දැනුම් දාගැබේ නිම් වළලු පුළුල් කර ගැනීමෙහිලා ඉතා ප්‍රයෝජනවත් මූලාශ්‍රයක් වනු නොඅනුමානය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.