කවුළු පියන්
"වාරෙට පිපුණු නා මල් ඔක්කොම පරවෙලා ගිහින්. ඒ හැම මලකම පෙති බිමට හැලිලා. මේ තමයි අවාරෙ. අවාරෙට නා මල් පිපෙන්නෙ නෑ රන්දුල්! ''
මා කීවේ අසල්වැසි නිවසේ නා ගස දෙස බලාගෙනය. වාරය නොසලකා නා ගසට නව චුට්ටක් මල් පෙති බිමට නොවට්ටා ඉන්නට තිබුනා නම්... නමුත් දැන් ඊට පරක්කු වැඩිය. කදුළු එක්කාසු වුණු නෙතු ඔහු දකිනවාට මා අකමැති වුණි. මේ සිත රිදවා ගන්නා ඕනෑවටත් වඩා වැඩිය. මා සූදානම් වූයේ කරුවලේම පන්තිකාමර මඬුවෙන් ඉවතට ඇවිද යන්නටය. නමුත් ඔහුගෙන් ඊට ඉඩක් නොලැබුණි. මාගේ උරහිස්වලින් අල්ලා බිත්තියට සිර කෙරූ ඔහු මා ඉදිරියෙන් සිට ගත් මොහොතේ පිරිමි හුස්ම පැමිණ මාගේ වතේ තැවරුනේ මාගේ ඇසිපියද වසා දමමිනි. නාසය පිරී ගියේ හිතට හුරු සුවඳකිනි. ඉතින් කොතරම් කල් ගෙවී ගියත් මට ඔහුගේ සුවඳ අදටත් පෙර ලෙසින්ම මතකය.
''නා ගහ ලස්සනම මල් පිපෙන කාලෙට ගෙවෙයි දුරුතු, දළු දාන කාලෙට!''
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.