කියුබානු විප්ලවයේ මතක සටහන්
About this book
අර්නස්ටෝ චේ ගුවේරා සිය මතක සටහන් ඇසුරින් දිනපොත් කිහිපයක්ම රචනා කළ අතර ඔහුගේ මරණින් පසු ඒවා මුද්‍රිත කෘති බවට පත් විය. ප්‍රථම වරට කියුබාවේදී
මුද්‍රණයෙන් නිකුත් වු එම කෘති පසුව භාෂා රැසකට පරිවර්තනය කෙරිණි. කියුබානු විප්ලවයේ මතක සටහන් ඇසුරින් ඔහු විසින් රචිත ලිපි එකතුව වික්ටෝරියා ඔර්ටීස් විසින්
Reminiscence of the Cuban Revolutionary war නමින් ඉංග්‍රීසි බසට පෙරළන ලදි. එම කෘතිය මුල් වරට ප්‍රකාශයට පත් වුයේ 1968 දීය. මෙම කෘතිය එහි සිංහල
පරිවර්තනයයි. මෙම කෘතියට පාදක වනුයේ 1956 නොවැම්බර් 25 දින ග්‍රැන්මා නමැති කුඩා යාත්‍රාවෙන් ගමන් ආරම්භ කළ අවස්ථාවේ සිට කියුබානු විප්ලවය ජයග්‍රහණය
තෙක් ඔවුන් ආ ගමන් මඟ පිළිබඳ මතක සටහන්ය. දෙසැම්බර පළමුවන දින කියුබාවේ කොලරාඩෝ වරායට ගොඩ බැස සියෙරා මායෙස්ත්‍රා කඳුකරයේ සිට සටන් කරමින්
අවසානයේ හවානා අගනුවර අත්පත් කර ගැනීම තෙක් තම අත්දැකීම් චේ වරින් වර වර්ඩෙ ඔලිවෝ නම් සඟරාවට ලිවීය. ස්පාඤ්ඤ බසින් රචිත එම ලිපි පසුව ඉංග්‍රීසි බසට
පරිවර්තනය වී කෘති බවට පත් විය.
Details
ISBN
9786245087235
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review