ලක්දිව ඓතිහාසික රජ මාවත
About this book
අතීතයේ දී නගරයේ සිට සීතාවක හරහා මහනුවර දක්වා කෝට්ටේ, සීතාවක, හා සෙංකඩගල රජවරුන් සහ රාජ්‍යය තන්ත්රිකයන් මෙන් ම පහත රට බලය අල්ලා ගත් පෘතුගීසි, ලන්දේසි සහ ඉංගිරිසි ජාතිකයන් ගමන් කළ පැරණි මාර්ගයක්. එඩ්වඩ් බාන්ස් නව ආණ්ඩුකාරයා මහනුවර සිට දක්වා අවසන් වන තුරු (ක්‍රි. ව. 1832 වනතුරු) ගමනාගමනය සඳහා භාවිතා කළේ මෙම ගමන් මාර්ගයයි. කොළඹ, කෑගල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්ක තුන ඔස්සේ මහනුවර බලා ගමන් කළ පැරණි නුවර මාර්ගයේ ඓතිහාසික මෙන් ම ජනශ්‍රැතිමය තොරතුරු මෙම ග්රන්ථයට අඩංගු ය.
රජමැති තානාපතිවරුන් සඳහා භාවිතා වූ බංගලා සහ මගීන්ගේ අම්බලම්, තානාපති චාරිකාවේ තුටු පඩිරු, තානාපති චාරිකාවේ උත්සව ශ්රීය ආදී පරිච්ඡේද සමග මග සලකුණු පෙදෙසින් පෙදෙසට බෙදා ඉදිරිපත් කෙරෙන පරිච්ඡේද ද ග්රන්ථයට අඩංගුය.
රජ මාවත ඔස්සේ ගමන් කළ තානාපති චාරිකා වැනි තොරතුරු, ගමන් මග ගම් නියම්ගම් ආදියේ ගම්වලට නම් සෑදුණු ආකාරය, ගම් අරභයා කියැවුණු ජනකවි ආදී තොරතුරුවලින් සමන්විත මෙම කෘතිය පුරාණ මාර්ගයක් හා ඒ හා බැඳුණු සංස්කාතීන් මැනවින් විවරණය කරන්නකි.
Details
ISBN
9786244958048
පිටු ගණන (Pages)
227
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review