Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සමාජ විද්‍යාත්මක / ලංකාව ගලවාගැනීම

ලංකාව ගලවාගැනීම

About this book

මා විසින් මෙතෙක් ලියන ලද පොත්වලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන සමාජ-ආර්ථික හා දේශපාලන ගැටලු අළලා ලියන ලද ඒවා ලෙස සැලකිය හැකිය. ඒ පොත් එකිනෙක අතර අන්තර් සම්බන්ධයක් තිබුණේයැ'යි ද කිව හැකිය. ‛ලංකාව ගලවාගැනීම’ යන තේමාව යටතේ ලියා තිබෙන මෙම කෘතිය එම සංවාද ක්‍රියාවලිය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමේ අරමුණින් ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය.

මා හඳුනාගෙන තිබෙන අන්දමට ලංකාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සමාජ-දේශපාලන අවුල්වල මුල ඇත්තේ එක කේන්ද්‍රීය ගැටලුවක් තුළය. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් ලැබුණු යහපත් දායාදයන් ලෙස සැලකිය හැකි ජාතික රාජ්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය සාර්ථක ලෙස පවත්වාගෙන යෑමට නම් සමාජය තුළ පැවති කුල භේදය, වර්ග භේදය හා ආගම් භේදය අවම කොට ශ්‍රී ලාංකික ජාතියක් ඇතිකරගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකරගැනීම අත්‍යවශ්‍ය විය.

Details
ISBN
9789553131553
පිටු ගණන (Pages)
274
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලංකාව ගලවාගැනීම

Reviews are published once a member of our team has read them.