Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / පුරාණ ලංකාවේ වෙළඳාම

පුරාණ ලංකාවේ වෙළඳාම

About this book

අතීතයේ දී විසූ ලාංකිකයෝ දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද වෙළඳාම සිදු කළ අතර දේශීය භාණ්ඩ අපනයනයටත් විදේශීය භාණ්ඩ මෙරටට ආනයනට කිරීමටත් කටයුතු කළ අන්දම ඓතිහාසික ලිපි ලේඛන හා පුරාවෘත්තවලින් පැහැදිලි වේ.

මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය මගින් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ පුරාණ ලංකාවේ වෙළඳාම සිදු කළ ආකාරයත්, එකල මෙරට තිබූ වෙළඳ නීති රීති හා අන්තර්ජාතික වශයෙන් සිදු කළ වෙළඳාමත්, ආනයන හා අපනයන භාණ්ඩ පිළිබඳ තොරතුරුත් ය. 

මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50කට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කළ ප්‍රවීන ලේඛකයෙකු වන අතර, වර්ෂ 1976 දී සහකාර රේගු අධිකාරිවරයෙක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙක් හා රේගු අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කර, මේ වන විට එහිම නීති බලාත්මක අංශයේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි. 

වසර 40කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියත් හිමි කර ගෙන ඇත. මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනසූරී උපාධිය හදාරමින් සිටියි. 

Details
ISBN
9789556563849
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: පුරාණ ලංකාවේ වෙළඳාම

Reviews are published once a member of our team has read them.