Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලෝන් රේන්ජර්

ලෝන් රේන්ජර්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මාතර, බණ්ඩත්තරදී 1933 වසරේ උපන් ඞීමන් ආනන්ද ගාල්ලේ සියළු ශුද්දවන්තයින්ගේ පාසලෙන් හා කොළඹ විද්‍යාල කීපයකින්ම අධ්‍යාපනය ලැබීය. පාසල් ජීවිතයට ආයුබෝවන් කී ඔහු තම ලේඛණ දිවියේ ආරම්භය ලෙස "රිදීතිරය" සිනමා පත්‍රය සංස්කරණය කළේය.

1960 වසරේ නවකතාකරණයට පිවිසි මේ කෘතහස්ත ලේඛකයා ඔහුගේ දිවිමගේ අවසානය දක්වා ලියූ පොත් ප්‍රමාණය එක් දහස් පණහකටත් අධිකය. සිංහල පොත් කියවන පාඨකයින්ගේ‍ කියවීමේ රුචිය වර්ධනය කිරීමට ඔහු කළ සරල නවකතා බෙහෙවින් උපකාර් වූ බව බොහෝ දෙනෙකුගේ මතය විය. ශ්‍රී ලංකාවේ සිටි ත්‍රාසජනක මාරක කතා ලියන්නවුන් අතරින් ඔහු ප්‍රමුඛයා විය. දිවයිනේ පාඨකයන් වෙනුවෙන් මේ ලේඛකයාගෙන් සිදු වූ සේවය අති විශිෂ්ටය. එමනිසා පොත් ලෝකයේ ඔහු හැඳින්වූයේ “මාරකකතා චක්‍රවර්ති" යන විරුදාවලියෙනි. අස්ථිර ලෝකයට ඉස්ථිර නාමයක් එක්කල ඔහු 15-02-2007 දින දැයෙන් සමු ගත්තද සාහිත්‍ය ලෝකය තුළ ඔහුගේ නාමය රන් අකුරින් ලියවෙනු ඇත. "ලෝන් රේන්ජර්" ඩීමන් ආනන්ද ශූරීන් විසින් කළ අවසාන පරිවර්තන නවකතාවය.

Details
ISBN
9789556861204
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලෝන් රේන්ජර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.