මා කියවූ රේගුව
About this book
සමස්තයක් වශයෙන් ගත් කල මෙම කෘතියෙහි දැක්වෙන්නේ දශක ත්‍රිත්වයක කාලයක් රේගු විෂය පිළිබඳ ව ප්‍රාමාණික පරිචයක් ලද කතුවරයා, ස්වීය අත්දැකීම්, නිරීක්ෂණය හා සහභාගීත්ව නිරීක්ෂණ සහිතව, මහත් ආයාසයකින් එක්තැක් කොට උකහා ගත් කරුණු ගොනු කර ගත් තොරතුරු රාශියකි. කෙනෙකුට රසාලිප්ත බවින් පිරිපුන් වෘත්තාන්තයක් ලෙසට ද සැලකිය හැකි මෙම කෘතියෙහි අගය රැඳී ඇත්තේ විවිධ පැතිකඩවලින් රේගු සංස්කෘති සම්පර්කයට දායක කළ කරුණූ පිළිබඳ ව සැලකීමේ දී ය.
මෙම කෘතිය තවත් අතකට රේගුව පිළිබඳව මෙන් ම, රේගු නීතිය විමර්ශනය හා රේගු උප සංස්කෘතිය පිළිබඳව ද කරුණු එක්රැස් කළ ශාස්ත්‍රීය ලේඛනයක් ලෙසට ද කෙනෙකුට සැලකිය හැකි වන්නේය. මෙම කෘතියෙහි දී කතුවරයාගේ අවධානය යොමුව ඇත්තේ රේගුව පිළිබඳව ඇති අතාර්තික දුර්මත දුරු කිරීමට ගත් උත්සාහයත්, තත් මතයන් සනාථ කිරීමට හේතු පාදකවන කරුණූ ශාස්ත්‍රීය මූලාශ්‍ර ඔස්සේ ගෙනහැර පෑමත් ය.
තව ද එක් වැදගත් කරුණක් වන්නේ රේගුවේ පැහැදිලි ස්වරූපය ඉදිරිපත් කරමින් සාමාන්‍ය පාඨකයකුට මෙන් ම, මේ පිළිබඳ ගැඔුරින් හදාරන පර්යේෂයකුට වූව මූලාශ්‍ර කර ගත හැකි ආකාරයේ වැදගත් වන කෘතියක් ලෙස "මා කියැවූ රේගුව" හඳුන්වා දිය හැකි බවයි.
Details
ISBN
978624996706
පිටු ගණන (Pages)
270
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review