මද්දලේනාගෙන් හාදුවක්
මද්දලේනාගෙන් හාදුවක් වූ කලී, 2003 වසරේ දී ඉංග්‍රීසි බසින් පළ වූ A Kiss from Maddalena නම් කෘතියෙහි සිංහල ස්වරූපය යි. ඉතාලි ජාතික සංක්‍රමණික දෙමාපිය යුවලකට දාව ඇමරිකාවේ ඩෙලවෙයාර්හි දී උපත ලද ක්‍රිස්ටෝපර් කස්තෙයියානිගේ ප්‍රථම නිර්මාණ කාර්යය ලෙස සැළකෙන මෙය ,දෙවන ලෝක යුධ සමයේ ,ගම්බද ඉතාලිය පසුබිම් කරගෙන ලියවුණු රමණීය නවකතාවකි.
යුරෝපය වෙළා ගත් යුධ බිය ඉතාලියේ ග්‍රාමීය සමාජ පද්ධතීන්ට එල්ල කළ යකුළු පහර කොතරම් ප්‍රබල ලෙස ජන ජීවිතයට හා ආර්ථිකයට බලපෑවා ද යන්නත්, එසමයෙහි යොවුන් සිත් තුල දැල්වුණු අවිනිශ්චිත අනාගතයක බිය පිළිබඳ අප්‍රකාශිත ඛේදයත් , ඒ විකල් සමයෙහි , තවත් එක් රෝමියෝ කෙනෙකු තම ජුලියට් හට පිදූ ප්‍රේමයත් අළලා ගෙතුණු මේ නිර්මාණය, පාඨක සිත් අමන්දානන්දයට පත් කරන්නකි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.