මඩෙන් උපන් කුමාරයා
About this book
"බෙලිගල රන් අසිපත" එතිහාසික යොවුන් නවකතාව ඔස්සේ 2025 වර්ෂයේ රජත පුස්තක සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට පිවිසි ගුණසේකර අධිකාරි යනු නූතන සිංහල යොවුන් ප්රබන්ධකරණයේ ස්වකීය සලකුණ සනිටුහන් කළ ලේඛකයෙකි. විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වශයෙන් දශක ගණනාවක් තිස්සේ යොවුන් මනෝ ස්වභාවය සහ ඔවුන්ගේ චර්යාත්මක රටා සමීපව ඇසුරු කරමින් ලැබූ ප්‍රායෝගික විදග්ධ අත්දැකීම් සමුදාය, ඔහුගේ නිර්මාණකරණය සතු සජීවී ගුණයට මූලික පදනම වන්නට ඇත.
ඔහුගේ නවතම ප්‍රවේශය වන "මඩෙන් උපන් කුමාරයා" යනු සාම්ප්‍රදායික ආඛ්‍යාන රටාවෙන් ඔබ්බට ගිය, නූතන සමාජ - ආර්ථික විෂමතාවල අභ්‍යන්තරය ස්පර්ශ කරන යොවුන් ප්රබන්ධයකි. ආර්ථික පරිහානිය, වැඩවසම් කුල පීඩනය සහ පර්යන්තගත සමාජීය සම්බන්ධතා වැනි ව්‍යුහාත්මක අභියෝග, සංවේදී යොවුන් මනෝගතීන් කෙරෙහි ඇති කරන මනෝ - සමාජීය කතුවරයා විසින් විශ්ලේෂණාත්මක ලෙසත් ප්‍රශ්න කරයි.
විශේෂයෙන්ම සිංහල යොවුන් සාහිත්‍යය ක්ෂේත්රය තුළ පොදුවේ හමු නොවන, එහෙත් සමකාලීන තාරුණ්‍යය මුහුණ දෙන අතිශය සංවේදී මානයක් වන ප්‍රේමය ලිංගිකත්වය සහ අපයෝජනය ' යනාදි බරපතළ සමාජීය සංසිද්ධි කතුවරයා දරුවා නොබියව ස්පර්ශ කරයි. ප්‍රේමයේ නාමයෙන් සිදුවන මානසික හා චිත්තවේගීය සූරාකෑම් සහ එහි ඇති අන්තරායකාරී ස්වභාවය යොවුන් මනසට ගෝචර වන පරිදි විවරණය කිරීමට ලේඛකයා වෙහෙස දරා ඇත.
මඩෙහි ජනිත වුව ද එහි නොඇලී, පවත්නා අධිපතිවාදී සමාජ සම්මතයන්, විෂමාචාර සහ ආයතනික සීමා මායිම් අතික්‍රමණය කරමින් ස්වකීය අනන්‍යතාවය සහ මානව අභිමානය උදෙසා අරගල කරන තරුණ ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට මෙම කෘතිය සමත් වෙයි. හුදෙක් සෞන්දර්යාත්මක ආස්වාදයකට පමණක් සීමා නොවී, සාහිත්‍ය සමාජ විද්‍යාත්මක මානයන් විවරණය කෙරෙන කාලෝචිත ශාස්ත්‍රීය ප්‍රවේශයක් විශ්වාස කරමි.
Details
ISBN
9786244958154
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review