මගෙම තැනක්
වර්ජිනියා වුල්ෆ් විසින් රචිත A Room of One's Own යනු සාහිත්‍යයේ සහ සමාජයේ කාන්තාවට වෙන් වුණ ‘ඉඩ' පිළිබඳ කෙරෙන පෙරළිකාර ගවේෂණයකි. වුල්ෆ් විසින් විශ්ව විද්‍යාල දෙකක පවත්වන ලද දේශන දෙකක් මත පදනම් වන මෙම කෘතිය, 1929 වසරේ ප්‍රකාශයට පත් වූවකි. විචිත්‍රවත් කතාන්දර, අතීත ආවර්ජනා සහ පරිකල්පිත සිද්ධි ඔස්සේ තම තීක්ෂ්ය බුද්ධිය ඉතා රසවත්ව මෙහෙයවමින් වුල්ෆ් ගොතා ඇති මෙම දීර්ඝ රචනය, කාන්තාවන්ගේ නිර්මාණාත්මක ප්‍රකාශනයට බාධාවක් වූ ඓතිහාසික හා සමාජීය බාධක සොයා යයි. ස්ත්‍රීවාදී චින්තනයේ ප්‍රබල හඬක් නැඟූ වුල්ෆ්, A Room of One's Own ඔස්සේ කාන්තාවන්ගේ නිදහස, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සෑම කාන්තාවකටම තමන්ගේ හඬ සොයා ගැනීමට ඇති අයිතිය සහ ස්වයං ප්‍රකාශනය සඳහා ලේඛිකාවකට වුවමනා කරන පුද්ගලික අවකාශයක ඇති අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටියි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.