Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / මහ රහතුන් දැක ගනිමු

මහ රහතුන් දැක ගනිමු

About this book

"මහණෙනි නුඹලා නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්‍රධන් වීර්යය වැඩීමෙන් අනුත්තර විමුක්තියට පැමිණෙව්. අනුත්තර විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරව්" යනුවෙන් බුදු රජුන් විසින් 'සංයුක්ත නිකාය - පඨම පාස සූත්‍රයෙහි' දේශිත උපදේශය අනුසාරයෙන් නිවන් මග පසක් කිරීමෙහි යුහුසුළු වන හා නිවැරදි බුදු දහම පිළිබඳ ගවේෂණයෙහි යෙදෙන නූතන සමාජයට ශාස්ත්‍රීය මෙන්ම සරලව තේරුම්ගත හැකි කෘතියක් ලෙස "මහ රහතුන් දැක ගනිමු" කෘතිය ප්‍රසම්පාදිත ය.

ධර්ම ගවේෂීලාභී ජනයාට මෙයින් ත්‍රිපිටකයෙන් හෙළිවන 'මහ රහතන් වහන්සේ' පිළිබඳ දහම් කරුණු නිවැරදිව ග්‍රහණය කර ගැනීමට මග පෙන්වයි. මහ රහත් සංකල්පය පිළිබඳව මෙත යුගයේ පළවුණු විශිෂ්ටත ම කෘතියක් ලෙස මෙය අගය කළ හැකියි.

බුද්ධ ධර්මයෙහි දාර්ශනික කරුණු පිළිබඳ මනා අවබෝධයක් හා හසල දැනුමෙන් හෙබි සරත්චන්ද්‍ර අමරතුංග සූරීන් පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනෙහි ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙකි.

පාලි සංස්කෘත සහ අට්ඨකථා රැසක් පාඨකයාට දායාද කර ඇති අමරතුංග මහතා විරචිත මෙම "මහ රහතුන් දැක ගනිමු" කෘතිය සුවහසක් දම් පිපාසිත ධර්මකාමීන්ට අමා දහරක් ම වනු නොඅනුමාන ය.

- රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති හසලක කෝමරතන හිමි
පන්නිපිටිය, විද්‍යාලංකාර මහ පිරිවෙණේ සංස්කෘත අංශ භාර ආචාර්ය

ISBN
9789550822171
පිටු ගණන (Pages)
109
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මහ රහතුන් දැක ගනිමු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.