Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මහද්වීපයක තනි වුණෙමි (ලෝකය තවමත් නුදුටු රුසියාව)

මහද්වීපයක තනි වුණෙමි (ලෝකය තවමත් නුදුටු රුසියාව)

කතෘ (Author): Rohan Direx
About this book
බිලියන හයක් තරම් වන මේ මිහිතලයේ වෙසෙන මිනිසුන් අතරින් ඉතාම අතලොස්සක් පය තබා ඇති කොදෙව්වන්හි සංචාරක අත්දැකීම් ඇති රොහාන් ඩිරෙක්ස් දුර්ලභ ගණයේ දේශ ගවේශකයෙකි. මේ පෘථිවි තලයේ චමත්කාරත්වයද, භයංකාරත්වයද මිනිස් ශිෂ්ටාචාරයේ සංස්කෘතික විවිධත්වය ඔස්සේද ගමන් කරන ඔහුගේ එම සංචාරක අත්දැකීම් ඉතා දුර්ලභ අත්දැකීම් වලින් පිරුණු එකකි.
Details
ISBN
9789558949023
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 1
  1. මහද්වීපයක තනි වුණෙමි ( ලෝකය තවමත් නොදුටු රුසියාව ) - රොහාන් ඩිරෙක්ස් : සෝවියට් දේශය සහ රුසියාව දෙස කෙරෙන නව මානවවාදී විවරණය / Alone in a continent ( Russia not explored ) - Rohan Direks : A humane perspective on USSR (Union of Soviet Socialist Republics)
    මා සහ මාගේ අම්මාට, ලොකු අම්මාගේ (මගේ අම්මාගේ සහෝදරිය) අනුග්‍රහය යටතේ 2019 අගෝස්තු 10 සිට අගෝස්තු 18 දක්වා රුසියාවේ සාන්ත පිතර්ස්බර්ග් නගරය සහ මොස්කව් නුවර, Jetwing travels සහ Grand Rus Tours ආයතනය අනුබද්ධව සංචාරයක යෙදීමට අවස්ථාව ලැබුණි. එම ගමනේදී මට මෙන්ම මාගේ අම්මාටද බොහෝ අත්දැකීම් ලැබීමට හැකියාව ලැබුණි.

    මා තුළ සමාජවාදයට මෙන්ම රුසියානු සාහිත්‍යයට පැවැති උනන්දුව නිසා මෙම ගමන තවතවත් මගේ ජීවන අත්දැකීම් වලට වැදගත් වේ.

    මාගේ පවුලේ පුස්තකාලයේ රුසියානු සාහිත්‍යයෙන් සිංහල බසට කරන ලද පරිවර්තන පොත් විශාල ප්‍රමාණයක් පැවැතියද මා කියවා තිබුනේ පොත් කිහිපයක් පමණි. එනමුත් රුසියානු මිනිසාගේ විඥාණයේ ක්‍රියාකාරිත්වය ඒ හරහා අල්ප වශයෙන් හෝ දැනගැනීමට මට හැකියාවක් ලැබුණි.

    කාල් මාර්ක්ස් (1818 - 1883) විසින් හඳුන්වා දුන් මර්ක්ස්වාදය යථාර්තයක් බවට පත්වන්නේ ව්ලදමීර් ලෙනින් (1870 - 1924) ගේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය (1917) සමගයි. මෙය සිදුවන්නේද රුසියාවෙයි.

    එමනිසා ලෝකයේ මාර්ක්ස්වාදය හරහා සමාජවාදය බිහිවිය.

    මෙම හේතුව මත රුසියාව වෙත ගමන් කිරීම එක්තරා විදිහක නැවුම් මෙන්ම මා ලැබූ මාගේ පෞද්ගලික දෘෂ්ටිවාදයට බලපෑම් එල්ලකරන ලද ගමනකි.

    රුසියාවෙන් පැමිණ මාස 9කට පසුව රොහාන් ඩිරෙක්ස් නම් ගෝලීය ශ්‍රී ලාංකික සංචාරකයාගේ මෙම කෘතිය කියවීමට ලැබීම එක්තරා ආකාරයකට මා දුටු රුසියාව පිලිබඳ නව මානයක් විවෘත කළේය.

    රොහාන් ඩිරෙක්ස් ගේ 'මහද්වීපයක තනි වුණෙමි' කෘතිය හරහා නුතන රුසියාව හා සෝවියට් දේශය පැවැති අර්බුධ මෙන්ම ජයග්‍රහණද විවිධ රටේ ඓතිහාසික මෙන්ම සංචරක ආකර්ෂණය දිනාගත් ස්ථාන හරහා මතුකිරීමට කතුවරයා සමත් වීම වැදගත් වේ. මාගේ සංචාරයේදී ඔහුගේ ග්‍රන්ථයේ විස්තරයට ලක්කෙරෙන 'පිටර්හෝෆ්' මාළිගයට පමණක් යෑමට හැකි විය.

    මෙම ග්‍රන්ථය හරහා නුතන නව ලිබරල්වාදී රුසියාව හමුවේ අර්බුදයට ලක්ව ඇති සමාජවාදයත්, ජෝසෆ් ස්ටාලින්ගේ කෘරතර පාලන ක්‍රමය හරහා බිහිවූ මහා දැවැන්ත ආර්ථික වර්ධනයත්, එහි ප්‍රතිවිපාකත්, රුසියාවේ උත්තර ද්‍රවයට ආසන්න ප්‍රදේශවල ඇති කටුක දිවිපෙවතත් චායාරුප සමඟ බෙදාහදාගැනීමට කතුවරයා සමත් වී ඇත.

    රුසියාව ගැන උනන්දු පුද්ගලයින් විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතු සංචාරක කෘතියකි.

    රොහාන් ඩිරෙක්ස් යනු "සංචාර" ලෙස සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් සහ අන්තර්ජාලයේ වෙබ්අඩවියක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයෙකි.

    I and my mother were sponsored by my mother's sister to have a tour in Russia and it was from 2019 August 10th to August 18th. During the tour, we visited Saint Petersberg and Moscow where the tours were organized by "Jetwing travels" with the affiliation of "Grand Rus Tours". During the tour, I and my mother were able to gain many experiences to our life.

    Since I was interested in "socialism" and "Russian literature" these experiences gained from the tour was very valuable to me personally.

    In our family library, there are a lot of Sinhalese translations from Russian literature, but I have only read a few. But through this exposure, I was able to understand the psyche of the Russian people.

    Marxism was found by Karl Marx (1818 - 1883) which becomes a reality with the great October revolution (1917) conducted by Vladamir Lenin (1870 - 1924). This revolution also occurs in Russia.

    Therefore socialism is also was born through marxism.

    Based on these reasons traveling to Russia was a great experience and also impacted my personal ideology.

    After visiting Russia 9 months ago reading Rohan Direks's book helped me to see new paradigms of Russia I visited.

    Rohan Direks's "Alone in a continent" reveals many struggles and victories of the USSR (Union of Soviet Socialist Republics) and modern Russia through tourist attractions he visited.

    During my visit to Russia, I was only able to visit the "Peterhof" palace of St. Petersberg.

    Through this book the writer has managed to share his ideas about the struggling socialism in the new liberal Russia, Joseph Stalin's cruel leadership and how he achieved great development, and also it's negative impacts and life in Russia close to the North Pole.

    This book is a must-read for everyone who is interested in Russia.

    Rohan Direks is a television presenter of Sirasa Tv and also has a website named 'Sanchara'.
    Dimantha ·
Write a review

You're reviewing: මහද්වීපයක තනි වුණෙමි (ලෝකය තවමත් නුදුටු රුසියාව)

Reviews are published once a member of our team has read them.