Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / මහගම සේකර සහ ඔහුගේ ගේය කාව්‍ය

මහගම සේකර සහ ඔහුගේ ගේය කාව්‍ය

About this book

“....මහගම සේකරගෙ ගීත සමස්තයක් ලෙස සලකා බලන කල්හි මට පෙනී යන්නෙ, දෙවැනි පැරකුම්බාවන්ගේත්, ශ්‍රී රාහුල හිමියන්ගේත්, වෑත්තෑවේ හිමියන්ගේත් අන්‍ය කවීන්ගේත්, එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ පහළ වූ සියලුම ජනකවියන්ගේත් සකලවිධ ශක්තියේ සාරය සේකර තමා තුළ ගැබ් කරගෙන තිබෙන බවයි. මේ පැරණි කවීන් විසින් සුභාවිත කරන ලද ප්‍රකාශන මාධ්‍යය සේකර ඔහුගේ ස්නායු පද්ධතිය තුළින් ගමන් කරල ප්‍රතිභාව නමැති කෝවෙහි පැහිල, සංකල්ප රූප ආකාරයෙන් පිටතට ගලා යෑමත් මේ ගීතවල දක්නට ලැබෙනව.

මේ ගීත සමුච්චයට ප්‍රශංසාවක් කරනව නම්, මගේ වචනවලින් ඒ ප්‍රශංසාව කිරීම සේකරට අගෞරවයක්. මට ඊට උචිත වාග් විභවයක් නෑ. ඒ නිසා මම පැරණි කවියන්ගේ වචනවලින් ඒ ප්‍රශංසාව ඉදිරිපත් කරනව. ඒ එක් කවියෙක් තමයි, පුරාණ භාරතයේ වැජඹුණු භවභූති නමැති මහා කවියා. ඔහු මෙහෙම කියනවා:

මලානික වූ ජීව කුසුමය විකාසන කරනා

සියලු ඉඳුරන් මෝහනය කර ආනන්ද දෙවනා

රසායනයක් විලස හදවත පුබුදුවා ලවනා

මමද වින්දෙමි වචන අමෘතය පෙර දි කළ පිනිනා...”

මහාචාර්ය සුචරිත ගම්ලත්

ISBN
9786245546787
පිටු ගණන (Pages)
182
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මහගම සේකර සහ ඔහුගේ ගේය කාව්‍ය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.