මහගම සේකර සහ ඔහුගේ ගේය කාව්‍ය

Special Price රු. 882.00 Regular Price රු. 980.00
Out of stock
SKU
mahagama-sekara-saha-ohuge-rathna-sri-vidarshana-publishers

“....මහගම සේකරගෙ ගීත සමස්තයක් ලෙස සලකා බලන කල්හි මට පෙනී යන්නෙ, දෙවැනි පැරකුම්බාවන්ගේත්, ශ්‍රී රාහුල හිමියන්ගේත්, වෑත්තෑවේ හිමියන්ගේත් අන්‍ය කවීන්ගේත්, එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ පහළ වූ සියලුම ජනකවියන්ගේත් සකලවිධ ශක්තියේ සාරය සේකර තමා තුළ ගැබ් කරගෙන තිබෙන බවයි. මේ පැරණි කවීන් විසින් සුභාවිත කරන ලද ප්‍රකාශන මාධ්‍යය සේකර ඔහුගේ ස්නායු පද්ධතිය තුළින් ගමන් කරල ප්‍රතිභාව නමැති කෝවෙහි පැහිල, සංකල්ප රූප ආකාරයෙන් පිටතට ගලා යෑමත් මේ ගීතවල දක්නට ලැබෙනව.

මේ ගීත සමුච්චයට ප්‍රශංසාවක් කරනව නම්, මගේ වචනවලින් ඒ ප්‍රශංසාව කිරීම සේකරට අගෞරවයක්. මට ඊට උචිත වාග් විභවයක් නෑ. ඒ නිසා මම පැරණි කවියන්ගේ වචනවලින් ඒ ප්‍රශංසාව ඉදිරිපත් කරනව. ඒ එක් කවියෙක් තමයි, පුරාණ භාරතයේ වැජඹුණු භවභූති නමැති මහා කවියා. ඔහු මෙහෙම කියනවා:

මලානික වූ ජීව කුසුමය විකාසන කරනා

සියලු ඉඳුරන් මෝහනය කර ආනන්ද දෙවනා

රසායනයක් විලස හදවත පුබුදුවා ලවනා

මමද වින්දෙමි වචන අමෘතය පෙර දි කළ පිනිනා...”

මහාචාර්ය සුචරිත ගම්ලත්

Author රත්න ශ්‍රී විජේසිංහ - Rathna Sri Vijesinghe (10)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (200)
More Information
ISBN 9786245546787
පිටු ගණන 182
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මහගම සේකර සහ ඔහුගේ ගේය කාව්‍ය
Back to Top