Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය

මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය

About this book

බුදුබව පෑතු අග්ගමහා පණ්ඩිත  ගෞරවාර්හ බළංගොඩ ආනන්ද මෛත්‍රීය හිමිපාණන්ගේ දීප්තිමත් ශිෂ්‍යවරයාණ  කෙනකුන් වන ගරු කරගොඩ උයන්ගොඩ මෙමත්‍රී මූර්ති හිමිපාණෝ සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙහි ආගමික විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරය හොබවති.ශාසනික වශයෙන් බළංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යාතන පිරිවෙන් විහාරාධිපති ධුරය ද සබරගමුව අමරපුර සිරි සද්ධම්වවංසික රාස්සගල විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ධුරය ද දරති.

ළාබාල අවධියෙහිම පෙරදිග භාෂා ශාස්ත්‍ර පිළිබඳ මනා නිපුණත්වයක් දැක්වු මෛත්‍රී මූර්ති හිමියෝ උසස් අධ්‍යාපනයලැබීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ප්‍රථම වර්ෂයෙහි දි විශිෂ්ට සමාර්ථයන් ලබා දර්ශන විෂය ගෞරව උපාධිය දිනාගත් එතුමෝ පේරාදෙණි සරසවියෙහිම සහකාර කථිකාචාර්ය ධුරය ද හිමි කර ගත්හ. මහචාර්ය කේ.එන්.ජයතිලක විද්වතාණන්ගේ සමීප ඇසුර ලබමින් වසර ගණනක් උගැන්විමේ නිරතවූ මෛත්‍රී මූර්ති හිමියෝ තදන්තරව බළංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යාතන පිරිවෙනෙහි ආචාර්ය මණ්ඩලයට බැඳුණාහ.කුඩාකල සිටම ජාතික ආගමික අධ්‍යාපනික සංස්කෘතික හා ශාස්ත්‍රීය කටයුතු විෂයයෙහි ළබැඳි සෙනෙහසක් දැක්වූ උන්වහන්සේ වර්තමාන විද්වත් භික්ෂු සමාජයෙහි සංඝ ශෝභන ගුණෝපශෝභිත පඬිරුවනක් බව නොබියව පවසනු රිසිමි. එච්.එම්.මොරටුවගම අධ්‍යනාංශ ප්‍රධාන පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ISBN
9555701970
පිටු ගණන (Pages)
210
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.