Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මේ අපූරු ලෝකය තුළ විනාඩි 10යි තත්පර 38ක්

මේ අපූරු ලෝකය තුළ විනාඩි 10යි තත්පර 38ක්

About this book

"මරණ මොහොතෙන් පසු මිනිස් සිත තවත් වටිනා විනාඩි කිහිපයක් දිගට ම ක්‍රියාත්මක වූයේ නම් එහි තත්ත්වය කුමක් ද? හරියටම විනාඩි 10යි තත්පර 38ක්...

ලෙයිලාගේ මරණයෙන් පසු ගත වූ සෑම විනාඩියක ම ඇයට ඇගේ ජීවිතයේ වූ සංවේදී මතකයන් ඇගේ මනසට නංවාලී ය. ඇගේ පියා තමා දිගු කාලයක් බලාපොරොත්තුව සිටි ඔහුට පුතෙකු ලැබීමේ භාග්‍යය වෙනුවෙන් දෙවියන්ට කැප කළ එළුවා, කුළුබඩු දමා රසකර සැකසූ එළුමස් ඉස්ටු, තම ස්වාමිපුරුෂයන් පල්ලියේ යාඥාවට සහභාගි වෙමින් සිටිය දී ගැහැනුන් තම දෙපාවල උලාගැනීම පිණිස සකස්කළ උතුරමින් බුබුළු දමමින් තිබූ සීනි සහ දෙහි යුෂ මිශ්‍ර ලාටු කල්දේරම්, ලෙයිලා තමා සේවයේ යෙදී සිටි ගණිකා නිවාසය තුළ ඇය හැඩකාර තරුණ ශිෂ්‍යයෙකු සමඟ ඛෙදා හදාගෙන ඊස බැලූ කරමුංගු දැමූ කෝපිවල සුවඳ, ඇගේ ජීවිතයේ සිදු වූ මේ හැම වැදගත් අවස්ථාවක දී ම ඇය ඇති කරගත් ඇගේ යහළුවන් ඇය මතකයට නගන්නී ය. ඒ, මේ අවස්ථාවේ ඉතා උනන්දුවෙන් ඇය සොයාගැනීමට වෙහෙසෙමින් සිටි යහළුවන් පිරිස ය.

වාර්ගික වශයෙන්, ජාතික වශයෙන්, සංස්කෘතික වශයෙන්, ලිංගික වශයෙන්, භූගෝලිය වශයෙන් එසේත් නැතිනම් මිථ්‍යාදෘෂ්ටික වශයෙන් පවතින බාධක බිඳ දැමීමට ෂෆැක් දැඩි උනන්දුවකින් පසුවන්නී ය.

ලන්ඩන් ‘සන්ඩේ ටයිම්ස්' පුවත්පත

පරිවර්තනය ගාමිණි පලිහේන

Details
ISBN
9786245774203
පිටු ගණන (Pages)
428
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මේ අපූරු ලෝකය තුළ විනාඩි 10යි තත්පර 38ක්

Reviews are published once a member of our team has read them.