මෙ'දිවිය මෙතනින් නවතමි
දයාබර පාඨක භවතුනි,
මේ වූ කලී ආත්ම භාෂණයකි.
මෙහි කථානායකයා ආර්ථික අසීරුතාවයෙන් තොර පසුබිමක හැදී වැඩුණු පුද්ගලයෙකි. හෙතෙම තරුණ වියේ දී ම ස්වකීය වෘත්තිය ජීවිතයෙහි කුසලතා පළ කරන්නෙකි.
මෙහි නිරූපිත කථානායිකාව ආර්ථික අසීරුතාවයන් නිසා අසරණව, අකාරුණික හා ශෝචනීය සමාජ පසුබිමක ගල ග්‍රහනයට පත් වුණ තැනැත්තයකි. අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබීදි ඉහළ වෘත්තීය ජීවිතයක් උරුම කර ගන්නට ඇය සමත් වුව, නිද්‍රාගත සන්තාපයක් ඇගේ හෘදයාභ්‍යන්තරයේ ලැගුම් ගනියි.
වසත් සමයක - අන්ධකාර අඩවියක මේ දෙදෙනා ප්‍රේමාවනද්ධ වෙති.
එනමුදු ජීවත් වීමේ ආශාවෙන් මඬනා ලද ඔවුනට මහ පොළොව මත පැවැත්මට අවසර නැත. ජීවන ලාලසාවෙන් ප්‍රමුදිතව ඔවුන් විඳි අනුරාගයේ ප්‍රභර්ෂය අසුරු සැණින් සෝ සුසුමක් බවට පත් වේ.
ජීවනයේ සන්තුෂ්ටිය පවතින්නේ සම්මතය තුළ ද? නැත්නම්, අසම්මතය තුළ ද? ඊට වෙනස් යථාර්ථයකුත් තිබෙන්නේ ද?
කථා නායකයා ස්වකීය ආත්ම භාෂණය ඔස්සේ මේ පැන විවිරණය කරන අන්දම විනිශ්චය කිරීම පාඨක භවතුන්ට පවරමි.
මම
සරත් විජේසූරිය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.