Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මිගුවල් වීදිය
About this book

නොබෙල් සම්මානලාභී 'ශ්‍රීමත් විදාධර් සුරාජ් ප්‍රසාද් නායිපෝල්' හෙවත් වී.එස්. නායිපෝල් සාහිත්‍ය කෘතීන් රාශියක් ජගත් සාහිත්‍යයට දායාද කළා වූ විශිෂ්ට ලේඛකයෙකි. සාහිත්‍යධරයෙකි.

ඉන්දීය සම්භවයක් සහිත මෙම විශිෂ්ට ලේඛකයා ස්වකීය ලේඛන කලාවට ප්‍රවිෂ්ට වූයේ 'ට්‍රිනිඩෑඩ් ගාඩියන්' පත්‍රයෙහි ඉංග්‍රීසි මාධ්‍යවේදියකු වූ සිය පියාගේ අඩි පාරේ ගමන් කරමිනි. බොහෝ කාලයක් පුරා එංගලන්තයේ වාසය කරමින් එහි හැදී වැඩුණු නායිපෝල් සිය ලේඛනය ඉංග්‍රීසි බසින් හැසිර වූවද ඔහුගේ බොහෝ කෘතිවලට අනුභූතිය සපයන ලද්දේ බටහිර ඉන්දීය කොදෙව්වයි.

'මිගුවල් වීදිය' නම් වූ මෙම කෘතියෙහි ට්‍රිනිඩෑඩ් නම් වූ සුළු ජනගහනයකින් යුතු ඉතා කුඩා දිවයිනක පිහිටා ඇති මිගුවල් වීදිය ආශ්‍රිත ජන ජීවිතය අන්තර්තය. එහි පිහිටි ස්පේන් වරායබඩ ප්‍රදේශ ආශ්‍රිතව දෙවන ලෝක සංග්‍රාම සමයේ ඇතිවන්නා වූ කුදු මහත් සිද්ධි සමුදායක සංකලනයකි මෙය. මෙහි ජීවමාන බොහෝ චරිත ඔබ හා අප අතර නිරන්තරව සැරිසරන්නෝම වෙති. මෙහි සඳහන් සිද්ධි ඔබ අප ජීවත් වන සමාජය තුළ සිදුවන සිදුවීම්මය. එහෙයින් මෙය විදේශයකින් අප වෙත පැමිණි ආගන්තුක කෘතියකැයි ඔබට නොහැඟෙනු ඇත.

ISBN
9789550983274
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මිගුවල් වීදිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.