මිනිස් හිතේ හාස්කම් - 4
මෙරට ධනාත්මක චින්තනයේ මුල් බිජුවට වපුල පොත් පෙළක් ලෙසින් 'මිනිස් හිතේ හාස්කම්' හැඳින්විය හැකිය. සුමනදාස සමරසිංහයන් තමා අනුදත් සාර්ථකත්වයේ මාවෙත පාඨකයා වෙත පෑවේ චිත්ත ධර්ම විද්‍යාව නමිනි.
හැටේ දශකයේ අග භාගයේ සිට අඩසියවසකට ආසන්න කාලයක් ජනමත පොබයූ චිත්ත ධර්ම විද්‍යා ඉගැන්වීම් අදටත් වලංගුව තිබීමෙන් පෙනී යන්නේ එහි ඇති සර්වකාලීන බවයි.
සියලු බාධක පරයා ජීවිතය ජයගත හැකි මං පිළිබඳව සරල, සිත්ගන්නා සුළු බස් වහරින් මෙන්ම සැකෙවින් ලිවීමට සමරසිංහයන් තුළ තිබූ නිසඟ හැකියාව මෙම පොත් පෙළ පාඨක ජනප්‍රියත්වය දිනාගැනීමට බලපෑ ප්‍රබල සාධකය විය.
'මිනිස් හිතේ හාස්කම්' පොත් පෙළ කෘති 10ක් දක්වා දිවෙයි. සමරසිංහයන් විසින් හඳුන්වාදෙන ලද චිත්ත ධර්ම විද්‍යා සංකල්පය දේශන, වැඩමුළු හා පුවත්පත් මඟින් තවදුරටත් සමාජගත කරන ලදී.
චිත්ත ධර්ම විද්‍යා උපදෙස් පිළිපැද ජීවිතය සතුටින් ගෙවන පිරිස ගැනද නිරන්තරව අසන්නට ලැබේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.