Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / මිනිස් හිතේ හාස්කම් 06
About this book

මෙරට ධනාත්මක චින්තනයේ මුල් බිජුවට වපුළ පොත් පෙළක් ලෙසින් 'මිනිස් හිතේ හාස්කම්' හැඳින්විය හැකිය. සුමනදාස සමරසිංහයන් තමා ඇදහූ සාර්ථකත්වයේ මංපෙත පාඨකයා වෙත පෑවේ චිත්ත ධර්ම විද්‍යාව නමිනි.

හැටේ දශකයේ අග භාගයේ සිට අඩසියවසකට ආසන්න කාලයක් ජනමන පෝෂණය කළ චිත්ත ධර්ම විද්‍යා ඉගැන්වීම් අදටත් වලංගුව තිබීමෙන් පෙනී යන්නේ එහි ඇති සර්වකාලීන බවයි.

සියලු බාධක පරයා ජීවිතය ජයගත හැකි මං පිළිබඳව සරල, සිත්ගන්නා සුළු බස් වහරින් මෙන්ම සැකෙවින් ලිවීමට සමරසිංහයන් තුළ තිබූ නිසඟ හැකියාව මෙම පොත් පෙළ පාඨක ජනප්‍රියත්වය දිනාගැනීමට බලපෑ ප්‍රබල සාධකය විය.

'මිනිස් හිතේ හාස්කම්' පොත් පෙළ කෘති 10ක් දක්වා දිවෙයි. සමරසිංහයන් විසින් හඳුන්වාදෙන ලද චිත්ත ධර්ම විද්‍යා සංකල්පය දේශන, වැඩමුළු හා පුවත්පත් මඟින් තවදුරටත් සමාජගත කරන ලදි.

චිත්ත ධර්ම විද්‍යා උපදෙස් පිළිපැද ජීවිතය සතුටින් ගෙවන පිරිස ගැනද නිරන්තරව අසන්නට ලැබේ.

ISBN
9789553108326
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිනිස් හිතේ හාස්කම් 06

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.