Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / මිසදිටු බිඳින හඬ

මිසදිටු බිඳින හඬ

About this book

නූතන ලෝකය වෙතින් බොහෝ ආගම් ඉවතට තල්ලු වෙමින් පවතී. ඒ නවීන විද්‍යාවෙන් අනාවරණය වන යථාර්තයන් හමුවේ එම ආගමික විශ්වාස යල් පිනූ මිථ්‍යා මතවාදයන් බව නැවත නැවතත් ප්‍රත්‍යක්ෂ වීම මතිනි. එහතේ, හුදෙක් ආගමික විශ්වාසයක සීමාව ඉක්මවන බුදු දහම නවීන විද්‍යාවේදී ප්‍රත්‍යක්ෂතාවයන් හමුවේ ද නොසැලී නැගී සිටියි. එමෙන්ම මූලික බුදු දහමේ ඉගැන්වීම් සහ නවීන විද්‍යාත්මක චින්තනය අතර ඒකාග්‍රතාවයක් පැවතීම මතින් බුදු දහමෙහි අනාගත පැවැත්ම ද නිසැකවම තහවුරු කර ගත හැක.

නමුදු එබඳු අගනා දහමක් පසෙක ලා එම ශාස්තෘවරයාණන්ගේ නම සම්බන්ධ කොට අප විසින්ම තනා ගත් " අපේම බුද්ධාගම" අදහන අපි අගනා මාණික්‍යයක් ඹලොගුවෙහි ලා රකිමින් දිවිය පුරා සිඟමන් යදින්නෙකු ගේ තත්ත්වයට පත්ව හිඳමු.

මෙම අවාසනාවන්ත පසුබිම තත්වාකාරයෙන් වටහා ගත හැකිවූ පූජ්‍ය ගංගොඩවිල සෝම බුද්ධ පුත්‍රයාණන්වහන්සේ නූතන බෞද්ධ සමාජයේ මිත්‍යා විශ්වාස පිළිබඳව කරනු ලබන මෙම ධර්මානුකූල විවරණය මගින් නූතන ජනප්‍රිය බුද්ධාගම හා බුදු සමය අතර පවත්නා දුරස්තර බව මනාව වටහා ගත හැක. ඒ අනුව මූලික බුදු දහම කෙතරම් නැවුම් බවකින් යුක්ත වූවක් දැයි මෙම ග්‍රන්ථය කියවනු ලබන ඕනෑම විමංසනශීලියකු හට වැටහී යනු නිසැක ය.

Details
ISBN
9789555519366
පිටු ගණන (Pages)
189
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මිසදිටු බිඳින හඬ

Reviews are published once a member of our team has read them.