නර්මදාවේ ගී රාවය

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
In stock
SKU
narmadawe-gee-rawaya-gita-mehta-hemantha-ranawira-widarshana

දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගන සිටිය නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩී එන පියවුරුවලට දරා ගැනීමට බැරිය. මගේ මුහුණුවරේ සිදුවන මේ වෙනස්කම් සමඟ චිත්ත වේග ලෝකයේද වෙනස්කම් සිදු වුණේය. මගේ ඉන්ද්‍රියයන්ට සියලු දේ වඩා ශක්තිමත්ව දැනිණ. මට තවදුරටත් මගේ තාත්තාගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස නිදහසේ පිනිය නොහැකිය.

මගේ විරූපීකම මෙන්ම අම්මාගේ සිත්තැවුල ගැනත් මම වඩ වඩා සිතන්ට වූයෙමි. මගේ අවිනිශ්චිත අනාගතයත් මගේ ශාරීරික වෙනස්වීම් වගේම අබිරහස් ලෙසට මා ඉදිරියේ විශාලනය වෙමින් එයි.

හදිසියේම මගේ තාත්තා ඔහු විසින් තදුරටත් මට සංගීතය ඉගැන්විය යුතු නැති බව තීරණය කළේය.

'ඔයා ඕනෑවට වැඩියෙ සංගීතයක් ඇති කරනවා. රාග හැදිල තියෙන්නේ ස්වර වලින් නෙමේ. ඒක හැදිල තියෙන්නෙ ස්වර අතර තියෙන නිහී බව තුළින්.”

Author Gita Mehta (2), හේමන්ත රණවීර - Hemantha Ranawira (6)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
More Information
ISBN 9786245546480
පිටු ගණන 238
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නර්මදාවේ ගී රාවය
Back to Top