නර්මදාවේ ගී රාවය
දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගන සිටිය නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩී එන පියවුරුවලට දරා ගැනීමට බැරිය. මගේ මුහුණුවරේ සිදුවන මේ වෙනස්කම් සමඟ චිත්ත වේග ලෝකයේද වෙනස්කම් සිදු වුණේය. මගේ ඉන්ද්‍රියයන්ට සියලු දේ වඩා ශක්තිමත්ව දැනිණ. මට තවදුරටත් මගේ තාත්තාගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස නිදහසේ පිනිය නොහැකිය.
මගේ විරූපීකම මෙන්ම අම්මාගේ සිත්තැවුල ගැනත් මම වඩ වඩා සිතන්ට වූයෙමි. මගේ අවිනිශ්චිත අනාගතයත් මගේ ශාරීරික වෙනස්වීම් වගේම අබිරහස් ලෙසට මා ඉදිරියේ විශාලනය වෙමින් එයි.
හදිසියේම මගේ තාත්තා ඔහු විසින් තදුරටත් මට සංගීතය ඉගැන්විය යුතු නැති බව තීරණය කළේය.
'ඔයා ඕනෑවට වැඩියෙ සංගීතයක් ඇති කරනවා. රාග හැදිල තියෙන්නේ ස්වර වලින් නෙමේ. ඒක හැදිල තියෙන්නෙ ස්වර අතර තියෙන නිහී බව තුළින්.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.