Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ෆ්ලොරන්ස්හි මෝහිණිය

ෆ්ලොරන්ස්හි මෝහිණිය

About this book

කහ කෙස් ඇති විදේශිකයෙක් හින්දුස්ථානයේ මෝගල් අධිරාජයා වන අක්බර්ගේ රජවාසල වෙත එන්නේ රජ පෙළපත සලිත කරන, පුරවැසියන්ගේ සිතුවිලි වෙනස් කරන බලගතු රහසක් දරාගෙනය. එහෙත් ඒ රහස අධිරාජයාට පැවසීමට හැකිවන්නේ රජ සබයේ සම්ප්‍රදායන්, දේශපාලන කටයුතු, ප්‍රභූ පුද්ගල මැදිහත්වීම් වැනි විවිධ බාධක අතරතුරිනි.

ඉන්ද්‍රජාලික ගුප්ත බල ඇතැයි සැලකෙන මෝගල් රජ කුමරියක් වන මන බඳන කළු ඇස් ඇති කේරා කොස් මුලින් උස්බෙක් පාලකයාද අනතුරුව පර්සියාවේ ෂා විසින්ද පැහැරගනු ලැබ අන්තිමට ඔවුන් පරාජය කළ අර්නේලියා නම් ෆ්ලොරන්ස් රණශූරයකු හා ආලයෙන් බැඳේ. අර්ගේලියා ඇයව තම රට වන ෆ්ලොරන්සයට රැගෙන ගිය විට මුළු රටම වශි කරගැන්මට ඇය සමත් වේ. මෝහිණිය මේ පුරුෂාධිපත්‍යය ලෝකයේ තම ඉරණම තමාට රිසි අයුරින් වෙනස් කරගැනීමට වෙර දරන්නේ හමුවන සියල්ලන් තම වසඟයට ගනිමිනි.

කතාව ගැඹුරු මනස්කල්පිත තලවලට ප්‍රවිශ්ඨ වන්නේ, විවිධ කාල වකවානු, භූගෝලීය සීමා ඉක්මවාලමින් කල්පිතය හා යථාව සමපාත කරමිනි.

Details
ISBN
9786246585402
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ෆ්ලොරන්ස්හි මෝහිණිය

Reviews are published once a member of our team has read them.