අයර්ලන්ත උපාධි අපේක්ෂිකාවක් වන විසි එක් හැවිරිදි තබීතා ඩේකෝන් ඉතාලියට යන්නේ අන්තර් යුරෝපා විශ්වවිද්‍යාල ශිෂ්‍ය හුවමාරු වැඩසටහන යටතේ ඉතාලියේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගැනීමටයි. එහි දී ඇය බ්‍රිතාන්‍යයෙන්ම පැමිණි තරුණියන් කණ්ඩායමක් සමග මිත්‍රත්වයෙන් බැඳේ. ඔවුන් දවස් ගත කරන්නේ, විශේෂයෙන් රාත්‍රි කාල ගෙවන්නේ ප්‍රිය සම්භාෂණ, සංචාර, මත්පැන් සාද, සාප්පු සවාරි, ඉහළ පෙලැන්තිය එක්ව කරන භෝජන සංග්‍රහ වැනි ඉහළ පෙළේ සුඛ විහරණ සමගිනි. එහිදී ඔවුන් නිතැතින්ම නිදහස් ලිංගික චර්යාවන්හි යෙදෙති. තබීතාද ඔවුන්ගේ කතා අකුරින් අකුර රස විඳිමින් ඒ ජීවිතයේ මිහිරි හුස්ම උරා ගනිමින් නව ජීවන රටාවකට හැඩගැසේ. එහෙත් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් දාමයක පුරුක් බව ඇය දැනගන්නේ පසුවය.
ඔවුන් වාසය කරන ග්‍රිෆෝනියාව, තවම අනාවරණය නොකරන ලද ජීවිතය හා මරණය පිළිබඳ රහස් ඉතිහාසයක් ඇති පැරණි නගරයකි. ග්‍රීක පුරා කතාවකට අනුව ආටිමිස් ඇගේ ශුද්ධ වූ වනයේ මුවෙක් මැරූ ඇගමෙම්නොන්ගෙන් පළි ගැනීමට ඔවුන් ට්‍රෝයි නගරය ආක්‍රමණය කිරීමට යාත්‍රා කරන විට සුළඟ සොරාගෙන ඔවුන් මුහුදේ අතරමං කරයි. එයින් ගැලවීමට ඇති එකම මග සිය දියණිය ඉයුජීනියා බිලි දීම පමණක් යයි අනාගත වක්තෘවරයකු කියනු අසන ඔහු තම දියණිය කඳු මුදුනකට ගෙන ගොස් පිහියෙන් ඇන මරා දමයි. තබීතාට මේ ඉයුජීනියාගේ භූතාත්මය චතුරස්‍රයේ පාළු වීදියක අඳුරු පඩිපෙළක් අසල මුණගැහෙන්නේ පෙරනිමිත්තක් ලෙසිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.