Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලබැඳි සොයුරියෝ

ලබැඳි සොයුරියෝ

About this book

අංජලී සහ වසුධා කල්කටාවේ වංශවත් පවුලක ඥාති සොහොයුරියන් ලෙස උපදින්නේ ඔවුන්ගේ පියවරුන්ගේ ඛේදජනක මරණයන් ගැන ආරංචිය ලැබෙන දිනයේය. එතැන් පටන් ඔවුන් හැදී වැඩෙන්නේ තමන්ට අවශ්‍ය ආදරය, ගෞරවය මිත්‍රත්වය හා උපදෙස් එකිනෙකාගෙන් ලබා ගනිමිනි. මේ අතර පියවරුන්ගේ මරණ ගැන යම් අබිරහසක් දැනගන්නා සුරූපී වසුධා දැඩි මානසික පීඩාවකට ලක්වී අංජලී වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න ඉටා ගනී. 

යෝජිත විවාහයන්ගෙන් අංජලී ඇමෙරිකාවට ද වසුධා ප්‍රත්‍යන්ත නගරයකටත් යැවෙන්නේ වසුධා සිය සොයුරිය වෙනුවෙන් තම අකලංක ප්‍රේමය පරිත්‍යාග කරන අතරේය. වසුධා තම විවාහක නිවෙස් කොතෙකුත් අකටයුතුකම් විඳ දරාගත්තත් සිය කුසෙහි වූ ස්ත්‍රී කළලයය නැන්දම්මා විසින් ගබ්සා කිරීමට තැත් කරද්දී ඊට විරුද්ධව නිවෙසින් පළායයි. අංජලීගේ කුසට ආ දරුවා අහිමි වන්නේ වසුධාව ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට  මුදල් හොයන්නට වෙහෙස වී වැඩ කිරීම නිසාය. මේ ඛේදවාචක කම්කටොලු මැද ළබැඳි සොයුරියන් ජීවන අරගලයට මුහුණ දෙන්නේ නොබිඳෙන දිරියෙන් සමාජයේ හා පවුල්වල ආත්මාර්ථකාමී ගතානුගතික ආකල්ප හා විශ්වාස සිඳ බිඳලමිනි......

ISBN
9786245519491
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලබැඳි සොයුරියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.