සීතායණය
එය මා ලංකාවේ මුහුදු වෙරළේ ඇවිදිනු ලැබූ මුල්ම වතාවයි. මේ දිවයින යුද්ධයට පෙර මොන තරම් සුන්දරව තිබෙන්නට ඇද්දැයි මට සිතුණි. පිවිතුරු සයුරත් දිදුලන පුරවරයත් ගැවී ගැවී සිටින්නේ පෙම් යුවලක් ලෙසිනි. සයුරේ රළ, බලකොටුවේ දීප්තිමත් බිත්ති සිප ගනී. බිත්ති ඒවායේ මනස්කාන්ත වක්‍ර හැඩය ජලයටද ලබා දී තිබේ.
එහෙත් අද ඒවායේ දීප්තියක් නැත. ලේ වැකුණු වැල්ල පරිහානියේ වර්ණය වූ අඳුරු රතු පාටය. දැන් හවස් වරුව වුණත් අහස සහ මුහුද දෙකම අළු පැහැ ගෙන ඇත. සමූහ මිනී පිලිස්සීම් ගෙනෙන දුම් රළි සහ දුගඳින් බර වූ වාතය නිසා මගේ උගුරට පිත ගලා ආවේය. එය බලෙන් ඇතුළට යවා ගත් මම රාවණගේ හිස තම ඇකයේ තබාගෙන හිඳ සිටින මන්දෝදරී ළඟට ගියෙමි. ඇය ඔහු වෙත නැමීගෙන ලේ ගලන තුවාල සහිත ඔහුගේ බිඳි ගිය සිරුර මුදු ලෙසින් අත ගායි. තමා එයට සූදානම් වීමට පෙරම ඒ මහා ශූන්‍යය වෙත පාවී යාම වළකා ගැනීමට ඔහු ඇගේ අනෙක් අතේ එල්ලී සිටී. ඔවුන් එසේ සිටින විට මට තේරුම් ගියේ රාවන්ට ගිණිය නොහැකි තරම් මෙහෙසියන් හා අනියම් බිරියන් සිටියත්, තම විනාශය එන තෙක්ම මා කෙරේ ආශාවෙන් බැඳී සිටියත්, ඔහුගේ සැබෑ ආදරය හිමිව තිබී ඇත්තේ ඔහුගේ තාරුණ්‍යයේ සහකාරිය වූ මන්දෝදරීට පමණක් බවය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.