Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / නව කවි සංග්‍රහය
About this book

නූතන පද්‍ය සාහිත්‍යය අධ්‍යයනය කිරීමට අවශ්‍ය උපකාරක ග්‍රන්ථයක් ලෙසින් නව කවි සංග්‍රහය සම්පාදනය කර තිබේ.

ජී. බී. සේනානායකගෙන් පටන් ගෙන වර්තමානය දක්වා නූතන කාව්‍ය මාර්ගය විහිද පැතිර ඇති ආකාරය පිළබිඹු කෙරෙන හරස් කරඩක් ලෙස මේ සංග්‍රහය හඳුන්වාදිය හැක. ඊට අමතරව කොටස් අටකින් සමන්විත උප ග්‍රන්ථයක් ද ඇතුළත් වේ. එයින් නූතන කාව්‍ය සම්ප්‍රදාය හැදෑරීමට අවශ්‍ය පුළුල් පසුබිමක් සකස් කෙරේ. තෝරාගත් ජන කවි, කොළඹ කවි සහ ළමා කවි මේ සඳහා සංග්‍රහ කර ඇත.

නූතන කවි මඟ අධ්‍යයනය කරන්නෙකුගේ අවධානයට ලක්විය යුතු යැයි සිතන මුණිදාස කුමාරතුංග, විමලරත්න කුමාරගම සහ එදිරිවීර සරත්චන්ද්‍ර යන තිදෙනාගේ දායකත්වය අවබෝධ කරගනු පිණිස අවශ්‍ය මග පෙන්වීමක් ද මෙහි ඇතුළත්ය.

ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ, මහගම සේකර සහ විමල් දිසානායක යන අයගේ වැදගත් ලිපි හතරක් කෘතිය අවසානයට එක් කර තිබේ.

නූතන කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ විචාරශීලි පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම ග්‍රන්ථය බෙහෙවින්ම වැදගත්ය.

ISBN
9789556522624
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නව කවි සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.