Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිද්දානය

නිද්දානය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

‘ඕවයෙ පල්මාණික්කම් බැඳෙනව පොඩි බබා…’ විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදත් කිරිමැණිකා කීවාය. මෙවන් මොහොතක වුව පාසල් විය සිහි කරන කුසලානවලට සෙනෙහසින් මෙන් ඈ ඒවා මත ඇඟිලිවලින් ඉරි ඇන්දාය. යාන්තමට සෙලවෙනු මිස ඒවා එකක් හෝ බිම නොවැටුණි... තම හදවත මෙනි. මේ මොහොතේ එය වුවමනා ප්‍රමාණයට වඩා ස්පන්දනය වන බව ඈ දනී. නමුත් තමා දිනූ කුසලාන සෙලවීමෙන් බිමට නොවැටී ශක්තිමත්ව රාක්කය මත හිඳින්නාක් සේම තම හදවත ද නොසැලී සිටී. 

ආදරයේ වැරදි කරුවෝ ද නිවැරදි කරුවෝ ද ඔවුහූ ම වූහ. විජිගීෂාව, ඊර්ෂ්‍යාව, ද්වේෂය ඔවුන් දැන දැන සිදු කළ වැරදි දේ නොවීය. ශිෂ්ටාචාරයේ ආරම්භය තරම් පැරණි වූ කුල පීඩනයෙන් ඔව්හු නෙක පීඩා වින්දෝය. එසේ නම් වරද කාගේ ද කොතැනකද? බුද්ධියෙන් නොනැවතී ප්‍රඥාව තුළට මිනිසාට යා නොහැකි ද? 'නිද්දානය' තුළ සැරිසරන්නන් හා එක්ව එය පිරිසිඳ දැකීමට හැකිදැයි බලන්නට කතුවරිය ඔබට ආරාධනා කරන්නීය.

Details
ISBN
9789556565294
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිද්දානය

Reviews are published once a member of our team has read them.