About this book
ගැඹූරු අන්තය
“ඔය ආදරවන්ත කැක්කුම මහා පුදුමාකාරයි. කොයිතරම් හේදුවත් පැල්ලම් අරින්න බැරි කහට පොඟවපු රෙදි කඩක් වගේ නොවැ. තවත් වෙලාවකට ගින්දර වාගෙ පිච්චෙනවා. ඒත් ආයෙ ආයෙම ඒ ගින්දරම… සැපයක් කියලා හිතෙනවා නෙව. වැඩි ආදර කැක්කුම හින්දා සංසාරේ දික්කර ගන්නවා. මේ උඹලාගේ දෙමාපියෝ වාගේම තමා නෙව..”
-තිහගොඩ හාමිනේ-
“අපි කවුරුත් අපි යන්න ඇවිත් තියෙන ගමන ගැන දන්නවා. ඒත් වචනවලින් හරියටම අපට ඒක කියන්න බෑ අම්මේ..”
-මාතලී-
“මාතලී.. මයෙ.. වීර ගොපල්ලා.. මයෙ.. දෙයියෝ.. උන්නැහේ ගැන මයෙ හිත රිදෙනවා. මෙන්න මේ රිදිල්ලට තමා මයෙ හිතේ. ආදරේ කියන්නේ. මයෙ මාතලීට මං ගැන හිතෙන, මට මයෙ මාතලී ගැන හිතෙන විදියට නෙව කරුණාව කියන්නේ.. මෙව්වා මං මයෙ මුනුපුරන්ටත් කියලා දෙන දවසකුත් ඒවි..”
-ජූලි-
ශ්‍රවණය මූලික සාම්ප්‍රදායික ඥාන ගවේෂණය සහ නවීන තාක්ෂණ ඥානයෙන් ද ජීවිතය විනිවිද දුටු මාතලී නම් මිනිසාගේ කතාවයි.
-ගැඹුරු අන්තය-
Details
ISBN
9789557080871
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review