සුද්දීලාගේ කතාව
දෙකොටසකින් යුතුව ප්‍රකාශයට පත් වූ දීර්ඝ නවකතාවක් වන ‘සුද්දිලාගේ කතාව‘, සුද්දි නැමැත්තියගේ ජීවන පුවත නිරූපිත අවස්ථාවක් නොවේ. සුද්දි නැමැත්තිය ද ඇතුළු ඈ වටා සිටින පිරිසකගේ ජීවිත දකින අවස්ථාවක් ද නොවේ. නියත වශයෙන්ම ‘සුද්දිලාගේ කතාව‘ සයිමන් නවගත්තේගම ගේ දේශපාලනික දැක්ම හා අවබෝධය ලාංකික සමාජයේ සිදුවූ එක් පරිවර්තන අවස්ථාවක් සමඟ ගණුදෙනු කළ අවස්ථාවකි. සුද්දි හා සුද්දි වටා සිටින පිරිස මෙකරුණු ප්‍රකාශ කරන්නට දායක කර ගත්තවුන් පමණි. සුද්දී, නවකතාවට පසුබිම් වන දුෂ්කර - පිටිසර ගම්මානයට නගරයේ සිට එන තරමක ජේත්තුකාර, රූපත් ස්ත්‍රියකි. ඈ මුළුමනින්ම නාගරික ආකල්ප දරන නාගරික නිෂ්පාදනයක් නොවේ. පසුකාලයේදී වුව ඈ වෙතින් මූර්තිමත් වන්නේ නාගරික ආකල්ප ද, ගැමි ජීවිතයේ මූලිකාංග ද මුසු වූ ගැහැනියකගේ චරිත ලක්ෂණයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.