සාපේක්ෂණී

by
Special Price රු. 1,040.00 Regular Price රු. 1,300.00
In stock
SKU
saapekshani-saiman-nawagaththegama-fast-publishing
Author සයිමන් නවගත්තේගම - Saiman Nawagaththegama (9)
Publisher සුරස - Surasa (fast publishing) (657)

ඓතිහාසික පසුබිමක්‌ සහිත සාපේක්‍ෂනී නවකතාවේ මුඛ්‍ය චරිතයක්‌ නිරූපණය කරන්නේ පූර්ණා නමැති කුමරියකි. ඇය රඡ්ජුරුවන්ගේ දුක්‌ගන්නාරාළගේ එකම දියණියයි. දුක්‌ගන්නාරාළගේ පරම්පරාවේ පරවේග නින්දගම් ගබඩාගම් බොහෝ වෙතත් දුග්ගන්නාරාළ විසින් ඉටු කළ යුතුව ඇත්තේ අවදානම් සහගත වූ මෙහෙවරකි. රඡ්ජුරුවන් පානය කරන, ඉඳුල් කරන හැම ආහාර පානයක්‌ම රජුට කලින් අනුභව කරන්නට සිදුවන්නේ ඔහුට ය. කාබී හමාර වූ පසුව වෙදදුරා දුක්‌ගන්නාරාළගේ ශාරීරික විපර්යාසයන් පිළිබඳව පරීක්‍ෂාකාරී වෙයි. වසක්‌ විසක්‌ නිසා ඇතිවිය හැකි ශාරීරික ලක්‍ෂණයක්‌ මතු නො වූයේ නම් ඒවා රඡ්ජුරුවෝ ද අනුභව කරති. එමෙන්ම සතුරු කුමන්ත්‍රණ බහුල කාලයන්හි රජු නා නා විධ ස්‌ථානවල රාත්‍රිය ගත කරද්දී රජුගේ සිරියහනේ නිදා ගත යුත්තේ ද දුක්‌ගන්නාරාළ ය.

Back to Top
Related Products