Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නුවර අහස යටදී

නුවර අහස යටදී

About this book

දෑස් ඉදිරියේ දිගහැරෙන මන්දාස්මිත හීනය දිගේ කඩාබිඳ දිව නොයා සීරුවෙන් ඇවිද යන්නටයි ප්‍රේමවන්තයාගේ වෑයම. ඒත් ඒක හිතන තරම් පහසු නොවෙන්නේ නුහුරු හැඟුමින් ගිනියම් වෙන ගැහැනු ආත්මය එන්න එන්නම නොසන්සුන් වෙද්දි. ඔව්... ඇය දැනටමත් තමන් දැනසිටි සීමාවෙන් එහාට පියවර තබා අවසන්. මේතාක් තද නින්දටම හැර තිබූ අතිසංවේදී අහුමුළු සිනිදු අතැඟිලි වලින් උද්දීපනය වෙද්දි, ශක්තිවන්තයාගේ නොසන්සුන් පහසෙහි යටත් වැසියෙකු වෙන්නටයි සඳකොමලියට සිදුවෙන්නේ. එන්න එන්නම උත්කෘෂ්ටයට ලඟාවන රාගී සරාගී හැඟුම් මතින් අනුරාගික රැය තව තවත් උණුසුම් වෙනවා. මේස ලාම්පුවෙහි තුනී ආලෝකධාරා ඔස්සේ පින්තූර පිරුණු බිත්ති පුරා මේ අනග රැඟුමන්හි සෙවණැලි රූප ඇදෙනවා. ඒත් ඒ අඳුරු සොඳුරු චායාවන් බලන් ඉන්න, නොනවතින කෙඳිරිලි අහන් ඉන්න, ලැජ්ජා වෙන්න වටපිටාවේ කවුරුත් ඇත්තේ නෑ. අඩුම තරමේ සෙවණැලිධාරීන්ටවත් ඒවට ඉස්පාසුවක් නෑ. ම්... මෙහෙම ගියොත් සඳදෙව්දුවට ආයෙම නුවර අහසටනම් වඩින්න වෙන්නේ නෑ.

ISBN
9786246808013
පිටු ගණන (Pages)
440
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නුවර අහස යටදී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.