පී.ඇස්
About this book
හෙළ දරු පැටව් රොත්තක් තම තුරුලට සිය සැමියා ගෙනෙන බැව් දැන ගත් ඕ ප්‍රීතියෙන් පිනා ගියා ය. ජීවිතයේ ගිම්හානය නිමා වෙමින් පවතී. දවසක් දා මහ පිරිසක් කැළෑ එළි කරන්නට අවුත් ඇති බැව් දැන ගත් දා ඕ ගැබ්බර වුණා ය. සුනිල්වන් දියෙන් ඕ වඩා තර වුණාහ. ඕ ගමන හෙමිහිට ගලා ගියා හ.
ගං දෑලේ මල් පිපී නටනු ඈ සිය දෑසින් ම දුටුවා ය. තව දවස් දෙකක් යන විට හැන්දෑවට නාගෙන යන්නට පිරිස එන්නට ගත්හ. ඈ තවත් හෙමිහිට ගැලුවා ය. හදවත උපන් ප්‍රීතිය දරා ගත්තී ය. මල් සුවඳ පැතිරුණේ මිනිස් කටහඬ හින්දා විය යුතු ය. නිසි කලට ඕ දූ පුතුන් සහසක් බිහි කළා ය. අද මේ දියේ ගිලෙන්නේ ඉන් පුතුන් දෙදෙනෙකි.
Details
ISBN
9786249636613
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review